
(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
අද උදෑසන 8 වන විට දුම්රිය 20ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී තහවුරු කළැයි ජනාධිපති කාර්යාලය පවසයි.
දුම්රිය සේවකයින්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින්, මගීන්ගේ පහසුව සඳහා මෙලෙස ධාවන කටයුතු අඛණ්ඩව කරන බව ජනාධිපති කාර්යාලය කියයි.
යුද හමුදා ආරක්ෂාව මැද දුම්රිය කීපයක් දුවයි
2023 මාර්තු මස 15
පෙ.ව. 08:00
(යොහාන් භාසුර, පුෂ්පකුමල්ලවාරච්චි සහ තිලකරත්න දිසානාය)
යුද හමුදා ආරක්ෂාව මැද කාර්යාල දුම්රිය 10 ක් පමණ අද (15) අලුයම ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය හතරක්, පුත්තලම, කැලණි වැලි සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙක බැගින් කොළඹ කොටුවට පිටත්ව ඇති බවත් දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.
එසේ ධාවනය කළ ඇතැම් දුම්රියවලට යුද හමුදා ආරක්ෂාව යොදවා තිබූ බව අප වාර්තාකරුවෝ පවසයි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)





(තිලකරත්න දිසානායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පෝ දුම්රිය ගිනි තබයි.... පරිස්සමෙන්
අපිත් ජෙප්පෝ නෙවෙයි, වසර 74ක් දෙගොල්ලන්ට දුන්නෝ.
සේවයට නොපැමිණි අය ඔහොමම ගෙදර යවන්න. හමුදාවට කරගන්න යන්න දෙන්න.., ජනතාව හැටියට අපට අපහසුවත් ඇතිවුණාට කමක් නෑ. ඔය කාලකණ්ණි රජයේ සේවකයෝ හැමදාම ගෙදර යවනවට ජනතාව කැමැතියි.
කවුද වග කියන්න ඕනේ