IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


‘කුකුළු මස්-බිත්තරවලට වෙන දේ කියයි‘

(සුජිත් හේවාජුලිගේ )

සත්ව ආහාර  මිල  විශාල වශයෙන් ඉහළ යෑම නිසා  කුකුළු  මස් කිලෝවක මිල ලබන ජුනි මාසය වනවිට  රුපියල් 1500ක් දක්වාද බිත්තරයක මිල රුපියල් 45ක් දක්වාද වැඩිවනු ඇතැයි  ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත්  මාගමගේ මහතා  ලංකාදීපයට පැවැසීය.

සත්ව ආහාර  මිල සහ අනෙකුත් වියදම් ඉහළ යෑම නිසා කුඩා හා මධ්‍ය  සත්ත්ව නිෂ්පාදන ව්‍යාපාරිකයො එම ව්‍යාපාර කටයුතුවලින් ඈත්වෙමින් සිටින බවද  ඔහු සඳහන් කළේය.

මේ තත්වය දිගටම පැවතුණහොත්  මහ පරිමාණ ව්‍යාපාරිකයින් කිහිප දෙනකු පමණක් රටේ  ඉතිරි වනු ඇති බවත්  ඒ හරහා  ඒකාධිකාරියක් නිර්මාණයවීමෙන්  සත්ත්ව නිෂ්පාදන

මිල ගණන්  තවදුරටත් ඉහළ  යා හැකි බවත්  මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

පසුගිය ජනවාරි මාසයේදී රුපියල් 98,000 ක පමණ මිලකට පැවති සත්ව ආහාර  ටොන් එකක මිල මේවනවිට රුපියල් දෙලක්ෂ හැත්තෑ අට දහසක් දක්වා තුන් ගුණයකින් පමණ වැඩිවී ඇතැයිද සඳහන් කළේය.

සත්ව ආහාර හිඟය නිසා  කිරි නිෂ්පාදනයද   සියයට 30කින් පමණ අඩුවී ඇතැයි මංජුල සුමිත් මාගමගේ මහතා  පැවසීය. සත්ව ආහාර ගෙන්වීම සඳහා වසරක කාලයක් සඳහා රජයට දැරීමට සිදුවන  මුදල රුපියල් කෝටි තුන්සියයකට අධිකය.

 

 

 

 

 

 



අදහස් (1)

‘කුකුළු මස්-බිත්තරවලට වෙන දේ කියයි‘

Srimath Wednesday, 27 April 2022 10:15 AM

සුළුවට මම කරන්නේ සුරතල් මසුන් ව්‍යාපාරයක් .කෑම මිල, බෙහෙත් මිල, අධික උනත් මාළුවගෙ මිල තාමත් වැඩි වෙලා නෑ..... අපි නන්නත්තාර වෙලා ඉන්නේ දැන්

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 217 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 730 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1157 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site