
(අංජුල මහික වීරරත්න)
කුකුළු මස් මිල ඉහල යාම පාලනය කිරීමට සහ බිත්තර හිඟය අවම කිරීම සඳහා දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් සහිත යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කුකුළු මස් මිල පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමටත්, අවශ්‍ය වුවහොත් පිටරටින් කුකුළු මස් ආනයනය කිරීමටත් රජය සාකච්ඡා කර ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.
අවශ්‍ය වුවහොත් දැඩි නීති රීති මත හෝ කුකුළු මස් මිල ඉහළ යාම වැළැක්වීමට පියවර ගන්නා බව කී අමාත්‍යවරයා කාලගුණික හේතු නිසා මත්ස්‍ය කර්මාන්තය අඩාල වීමෙන් කුකුළු මස් වලට ඇති ඉල්ලුම ඉහල ගොස් තිබෙන බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නිකන් ෂෝ විතරයි.
කටින් බතල හිටවන්න නම් හරි දක්ෂයි. කෝ තාම බින්තර මිල අඩු වුණාද? කතාව කුකුල්මස් මිල අඩුකරන්න. බිත්තර අඩුකරන්නවත් තාම බැරිවුණා. ඔය ජාවාරමට ආණ්ඩුවත් සම්බන්ධ බවයි අපිට නම් දැන් හිතෙන්නේ...!
බිත්තර මාෆියාව සමග අත්වැල් බැඳගත් ආණ්ඩුව ජනතාව ගොනාට අන්දවන්න හදනවා. ලබන ඡන්දෙදී හෝ උද්ඝෝෂණයකදී බලාගමු...
යෝජනාවලි ඉදිරිපත් කිරීම, කැබිනට් පත්‍රිකා දැමීම, බුද්ධි අංශය සොයාගත් තොරතුරු ගොවියන්ට පැවසීම, දැඩි තීරණ ගැනීම තමයි මෙයාගේ වැඩ. කරපු වැඩක් නැත. නමුත් අපේ සල්ලිවලින් සැපේ ජීවත් වේ මුලු පරම්පරාවම...
මෙයාට මොන්ගල් බිත්තර මිල අඩු කරන්න කියලා ඉන්දියාවෙන් බිත්තර ගෙනාවට බිත්තර මිල අඩු වුනේ නැහැ... කුකුල්මස් වලටත් ඕක තමයි වෙන්නේ... මෙයාගේ හෙන්චයියෙකුට දෙයි කුකුල්මස් ගෙන්නන්න ගේන්න හැම බිත්තරයකින්ම කොමිස් ගහනවා වගේ හැම කුකුලෙකුගෙන්ම කොමිස්...!
අපි නම් දැන් කන්නේ මුහුදු කුකුළා...
මෙය පසුගිය රජයන් කිහිපයම ඇමැතිකම් දැරුව නමුත් අපේ පක්ෂවලට මෙයා මේ ළඟ විසඳුම් නැහැ... කුමක් හෝ බොරුවක් කියලා මාරු වෙනවා. ලබන ඡන්දෙදී මොන පක්ෂයෙන් ඉල්ලුවත් මෙවැනි පැරැණී බොරු කියන හොර ඇමැතියන්ට මනාපේ ගැසීමෙන් වළකිමු...