(සුමිත් පොතුපිටිය)
කුකුළු මස් කෑල්ලක් අස්සේ අයිස් මත්ද්‍රව්‍ය සගවාගෙන කළුතර බන්ධනාගාරයේ රැදවියෙකු බැලීමට පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනපල, බටුවිට ප්‍රදේශයේ පදිංචි 45 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
මත්කුඩු සම්බන්දයෙන් චෝදනා ලැබ කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුවන් තිදෙනෙකු බැලිම සදහා සැකකරු ඊයේ දහවල් පැමිණ ඇති බව පොලිසිය කීය
සැකකරු බත් සහ ව්‍යංජන වෙන් වෙන් වශයෙන් ප්ලාස්ටික් භාජනවල රැගෙනවිත් ඇති බවත්, බන්ධනාගාර නියාමක වරයෙක් පරීක්ෂා කිරීමේදී කුකුළු මස් කෑල්ලක් අස්සේ කුඩා පොලිතින් කවරයක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සොයාගෙන ඇති බවත් පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කඩේ නං අයිස් අස්සේ කුකුල්මස් තියෙන්නේ. කමක් නැද්ද?
නිකම්ම ගෙනාවොත් කුකුල් මස් නරක් වෙන නිසා අයිස් දාලා ගේන්න ඇති. ඕකට ඔච්චර කලබල වෙන්න ඕනෙද?...