
(කුෂාන් ජයවර්ධන)
වී සඳහා සාධාරණ මිලක් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින්ගො වි සංවිධාන රැසක ගොවි නියෝජිතයෝ කැකිරාවේදී අද (07) විරෝධතාවයක නිරත වූහ.
අනුරාධපුර දිස්ත්‍රික් හුරුළු පෝෂිත කලාපය, කැකිරාව, ගල්කිරියාගම මහවැලි කලාපය සහ අනුරාධපුර දිස්ත්‍රික් මහාවාරි ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන රැසක් එක්ව මෙම ගොවි උද්ඝෝෂණය සංවිධානය කර තිබිණ.
වී සඳහා සාධාරණ මිලක් , ගොවීන් මුහුණපාන ආර්ථික දුෂ්කරතාවලට කඩිනම් විසඳුම් , කෘෂිකාර්මික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරන ලෙස් ගොවීහු ඉල්ලා සිටියහ.
උද්ඝෝෂණයට එක්වූ ගොවීන් අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි නායකයෝ රැසක් ද එක් වූහ.
කැකිරාව කුඹුක සිසිල ළමා උද්‍යානය අසළීන් සිය විරෝධතා පාගමන ආරම්භ කළ ගොවින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් කැකිරාව වටරවුම දක්වා ගමන් කළ අතර, අනතුරුව කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් කැකිරාව ප්‍රාදේශීය ලේකම් ඉසුරු බංඩාර මහතා වෙත භාර දීමට එම ගොවීහු කටයුතු කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්පගලන්ට මොනව දුන්නත් සන්තොෂ කරන්න පුලුවනි පිරිසක් නෙමෙයි මේ
වැඩිපුර ඉල්ලුම තියෙන කීරි සම්බ සුවඳැල් ලංකා බාස්මතී වැනි ඉහල මිල වී වවන්න බැරිද? නාඩු සහල්වලට තියෙන ඉල්ලුම අඩු බව පැහැදිලියි. ඒත් ඒ වර්ග වලටම ඇලිල ඉන්න ගොවීන්ට දැනුම දෙන්න කෘෂිකර්ම බලධාරීන්ට බැරිද?
30000.00 පොහොර සහනාධාර, වගා හානි වන්දි 150000.00ක්, 120/- සිට 140/- දක්වා වී මිල වැඩිවීම, ඒ අනුව කන්නයකට 60%-75% ලාභයක්, කෘෂි විශ්‍රාම වැටුප් 35%කින් ඉහළට, සමස්ත අස්වැන්නෙන් 5%ක් රජයෙන් මිලට ගැනීම, 2024 තිබුණු මහා පරිමාණ වී මෝල්වල ඒකාධිකාරිය දෙදරීමට ලක් කිරීම, එතැනින් ගම්වල විශ්වවිද්‍යාල සිසුන්ගේ ශිෂ්‍යත්වය 100% වැඩි කිරීම. බත් කන හරක් ටික මේ ඇත්ත වහලා අහිංසක ගොවියා ඉත්තෝ කරගෙන.