IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කෘ.ප.නි.සලා 50කගේ සේවය අත්හිටුවයි

(අංජුල මහික වීරරත්න)

රසායනික හා කාබනික පොහොර බෙදාහැරීමේ දී  වාර්තා වන අක්‍රමිකතා වලට  සම්බන්ධ බවට  චෝදනා එල්ලවන  කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ සේවය වහාම අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

මෙවර මහ කන්නයේ පොහොර බෙදාහැරීම් කටයුතු සම්බන්ධව පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.

ගොවි ජනතාවට රජය විසින් ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවත්  ලබා දෙන ලද රසායනික පොහොර මෙන්ම කාබනික  පොහොර  වංචා කිරීම සම්බන්ධව මේ වනවිට කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් 50කට පමණ චෝදනා එල්ල වී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම නිලධාරින් සියලු දෙනාගේම සේවය අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

පසුගිය යල කන්නයේ දී ගොවීන්ට වගා කටයුතු සඳහා ඉන්ධන බලපත් නිකුත් කිරීමේ දී ද මෙම නිලධාරින් විශාල පීරිසකට චෝදනා එල්ල වී තිබෙන බවද  වී වගා නොකරන ලද  ගොවීන්ට පවා බලපත් නිකුත් කර මුදල් ලබා ගැනීම මෙන්ම ව්‍යාජ බලපත් නිකුත් කර ඉන්ධන අලෙවි කිරීම වැනි චෝදනා රැසක් ඒ අතර තිබෙන බවද  කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

ඔවුන් පිළිබඳව ද මේ වනවිට විනය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර දිවයින පුරා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් 300කට පමණ මෙි පිළිබඳ චෝදනා එල්ල වී ඇතැයි අමාත්‍යංශය කියයි.



අදහස් (2)

කෘ.ප.නි.සලා 50කගේ සේවය අත්හිටුවයි

sharm warn Thursday, 19 January 2023 12:21 PM

ඒ් නිතිය කෘෂි ඇමතිකම් කරපු හොරුන්ට බල පැවැත්වෙන්නෙ නැද්ද එතකොට?

:       4       2

ගොවිරාළ Thursday, 19 January 2023 12:31 PM

එතකොට ව්‍යාජ අඅධ්‍යාපන සහතික දීලා රැකියා ගත්තා කියන පිරිසට මොකෑ කොරන්නෙ ඒක රාජ්‍ය සේවයේ සිදුකරන වරදක් තමයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 161 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site