(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඖෂධ වංචාවට සම්බන්ධ තෝරු මෝරු තවමත් නිදැල්ලේ සිටියදී ඊට සම්බන්ධ නැති කොහෙවත් යන පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද(23) පැවසීය.
මේ සිද්ධිය නිසා අද ඖෂධ සැපයුම් අංශය අක්‍රීය තත්වයට පත්ව ඇතැයිද ඔහු සඳහන් කළේය. ජයමහ මහතා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.
නලින් බණ්ඩාර ජයමහ මහතා මෙසේද පැවසීය.
මේ අත්අඩංගුවට ගැනීම ගැන අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබලව කතා වෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් අන්තිමට අත්අඩංගුවට අරගෙන තියෙන්නේ වෛද්‍ය සැපයුම් අංශයේ කට්ටිය. ඖෂධ තෝරපු අය, ඒවා මිලදී ගන්න කටයුතු කරපු අය කවුරුත් අත්අඩංගුවට අරගෙන නැහැ. ඖෂධය අරගෙන ගබඩාවට බාර දුන්නු අය බෙදා හැරපු අය අත්අඩංගුවට ගත්ත වගේ වැඩක් තමයි මෙතන වෙලා තියෙන්නෙ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකේ මහමොළකාරයා රාජිත. පුළුවන්නම් කෑගහන්න රාජිතව අත්අඩංගුවට ගන්න කියලා...
රමේෂ් පතිරණ කොහොම කෙනෙක් වෙයිද?
නලින්, හොරු නිදැල්ලේ නෙවෙයි කැබිනෙට්ටුවේ...!