IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඖෂධ සංස්ථා සේවකයන්ට ගිවිසුමට පිටින් කෝටි ගණනක ප්‍රසාද දීමනා දීලා

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයන්ට අදාළ ගිවිසුම අනුව ප්‍රසාද දීමනා නොගෙවිය යුතු බවට දන්වා තිබියදී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට වැඩි ප්‍රසාද දීමනා පසුගිය වර්ෂයේදී   ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

එක් සේවකයකුට රුපියල් විසිදාහ බැවින් මෙම ප්‍රසාද දීමනා ගෙවා ඇතැයිද  එම වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම සංස්ථාවේ  පාලනාධිකාරිය පවසන්නේ සාමූහික ගිවිසුමෙන් වාර්ෂික ප්‍රසාද දීමනා ගෙවීමට අනුමැතිය ලැබී ඇති බවයි.

චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව කටයුතු කරන ලෙස විගණන අංශය නිර්දේශ කර ඇත.

මාණ්ඩලික නිලධාරීන්ට ණය පහසුකම් තාවකාලිකව අත්හිටුවිය  යුතු බව දන්වා තිබුණද ඉන් බැහැරව නිලධාරීන් 26 දෙනකුට මාසිකව  රුපියල් හැට ලක්ෂයකට වැඩි මුදලක් ගෙවා ඇතැයි විගණන වාර්තාව සඳහන් කරයි.

සම්බන්ධයෙන් කරුණු දක්වන ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් පවසන්නේ අත්තිකාරම් ගිණුම යටතේ මුදල්  සපයනු නොලබන බවයි.

මේ අනුව චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු බව විගණන නිලධාරින්  නිර්දේශ කර ඇත.

මේ අතර සේවක නිවාඩු කාර්යාල හා සාප්පු පනතේ විධිවිධානවලට අනුකූලව ගණනය කළ යුතුවුවද  ඉන් බැහැරව 2022 වර්ෂයේදී  සේවක ඉතිරි නිවාඩු වෙනුවෙන්  රුපියල් කෝටි 5 කට ආසන්න වටිනා  දීමනා ගෙවා ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් පවසන්නේ සාමූහික  ගිවිසුමෙන් මීට අදාළ අනුමැතිය ආවරණය වී ඇති බවයි.

කෙසේ වෙතත් චක්‍රලේඛ විධිවිධාන වල ප්‍රකාරව කටයුතු කළ යුතු බව විගණන අංශ දැනුම් දී ඇත.

මේ අතර ආයතනයේ අවදානම් අවම කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවදානම් කළමනාකරන කමිටුවක් පත් කිරීමට නියෝග කර තිබියදී මේ වසරේ මාර්තු 31 වන විටත් එම කමිටුව පත් කර නොතිබූ බව එම විගණන වාර්තාව පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාලනාධිකාරිය පවසන්නේ අවදානම් කළමනාකරණ කමිටුව පිහිටුවීමට කටයුතු කරන බවයි.

මේ අතර සංස්ථාවට ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා මිලදී ගෙන ඇති පරිගණක සහ උපාංග ස්ථාවර වත්කම් අයිතම හතරකින් ඒකක 36 ක් පසුගිය මාර්තු මස 17 වන විටත් භාවිතයට නොගෙන ගබඩාවේ  නිකරුණේ  තිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාලනාධිකාරිය පවසන්නේ මෙම පරිගණක උපාංග අවශ්‍යතාව අනුව ආයතනයේ වෙනත් අංශ සඳහා භාවිතා කරමින් පාඩුවක් නොවීමට වගබලා ගන්නා බවයි.



අදහස් (2)

ඖෂධ සංස්ථා සේවකයන්ට ගිවිසුමට පිටින් කෝටි ගණනක ප්‍රසාද දීමනා දීලා

මහිලල් Wednesday, 25 October 2023 08:11 PM

විගනකාඩිපති ඇග බේර ගන්නද වැරද්ද කල පුද්ගලයින් කවුරුන්ද වග ඔය වාර්තාවෙන් හෙලි නොකරන්නෙ. ඔය වගේ පලක් නැති වාර්තා හැදීමට මහජන මුදල් යට කිරීමත් වැරැද්දක් නොවේද. අපරාදෙ අපේ කාලය ඔය වැනි ප්‍රවුර්ති කියවන.

:       0       0

පැරකුම් Wednesday, 25 October 2023 09:43 PM

වැරදි අඩුපාඩු හොයල කියල විතරක් මදි ඊට අදාල විනය පියවර ගත යුතුය එසේ නැතුව වැරදි හොයල විතරක් ඇති වැඩේ මොකක්ද නිකං අපරාදෙ අපේ බදුසල්ලි තවත් නාස්ති නොකර තමුන්ගෙ වැඩක් බලාගත්තනම් නේද හොද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site