(නිමල කොඩිතුවක්කු)
ඖෂධ වංචාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙන්ම ඔහු රකින්න පාර්ලිමේන්තුවේ අත ඉස්සූ 113ත් වගකිව යුතු යැයි- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කෙහෙලිය රඹුක්වැල්ලට පක්ෂපාතී වී ඔහු වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් සොයා බලන ලෙස ලක්ෂ 220ක් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් ඇතුළු ඖෂධ ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ සිදුවූ හොරකම්, දූෂණ හා වංචා සම්බන්ධ විමර්ශනයක් මේ වන විට සිදු වෙමින් පැවතියත් මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම හඬ නැගුවේ සමගි ජන බලවේගය බවත් ඔහු කීවේය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 58 වැනි අදියර යටතේ කලා වැව මුස්ලිම් විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සලකට ගිහින්ද මේ වගේ කතා කියන්නේ...?
සම්පූර්ණ ඇත්ත. හොරෙක් රකින්න අත් උස්සපු අනිත් හොරු ගැන අනාගත ඡන්දෙකදී බලාගන්න බුද්ධිය ලැබේවා.
අත් උස්සපු අයගේ තරමත් හිතාගත හැකි. එක අත්තේ වහන්නේ එකම කුරුල්ලෝ නේ.
මහ බැංකුව හොරාට එරෙහිව ගෙන ආ යෝජනාවට එරෙහි යෝජනාවක් එනම් හොරා කෙරෙහි විශ්වාසය පල කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ සජිත් කියන එකත් මතක තියෙනවා...
ඇත්ත කතා කරනකොට රතු පාට එවුන්ට තියෙන්නෙ පුදුම අමාරුවක්
බයවෙන්න එපා සජිත් ළඟ ඉන්නෙත් ඔය වගේම බඩු ටිකක්, පට්ට හොරු හෝදලා නාවලා සජබෙට එකතු කරගන්නා කාලය එලැඹ ඇත. ගාල්ලේ ජරා පප්පා ශාන් සජබයට එකතුකර අම්බලන්ගොඩ සංවිධායකකම දීමට තරම් හොරු සමග හෙළුවෙන් සිටියි..