(යොහාන් භාසුර)
මුදල් අමාත්‍යවයා වන ජනාධිපතිවරයා මඟහැර ඉන්දියානු සමාගමකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරන්නේ යැයි පළවූ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ඉන්දීය ණය යටතේ ඖෂධ මිලදී ගැනීමට මුදල් අමාත්‍යවරයා හරහා කැබිනට් අනුමැතිය ලබාගත් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (28) පැවසීය.
ඖෂධ මිලදී ගැනීම සෞඛ්‍ය අමාත්‍යවරයාට තනි මතයට කළ නොහැකි සෞඛ්‍ය ලේකම්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයෙක් ඇතුළු කමිටුවක් ගන්නා තීරණයක් බව කී අමාත්‍ය රඹුක්වැල්ල මහතා ඉන් පසුව මිල කමිටුවකට ද ඉදිරිපත් කර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ද අනුමැතිය ලැබිය යුතු බව ද සඳහන් කළේය.
ඉන්දීය ණය යටතේ ඉන්දීය සමාගමකින් බෙහෙත් මිලදී ගැනීමට මේ දක්වා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී නොමැති බවත් බෙහෙත් මිලදී ගැනීමට ජනමාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් දුන්න ද එම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉතාමත් ප්‍රාථමික මට්ටමේ පවතින බවත් අමාත්‍යවරයා කීය.
බෙහෙත් මිලදී ගැනීම හාල් හෝ සීනි මිලදී ගන්නා මෙන් ඉන්දියාවට ගොස් ඇනවුම් කර සති දෙක තුනකින් ගෙඒමට නොහැකි වීම හේතුවෙන් රටේ පවතින බෙහෙත් හිඟයට කඩිනම් පිළියමක් ලෙස අදාල ඉන්දීය සමාගමෙන් බෙහෙත් මිලදී ගැනීමේ හැකියාව ඇති බවට පමණක් දන්වා ඇති බවත් බෙහෙත් ඇනවුම් කර ලබාගැනීමට අවම වශයෙන් මාස හතරක පමණ කාලයක් ගතවන බවත් අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
136
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඖෂධ මිලදී ගැනීමේදී ජනාධිපති මඟහැර නෑ
Perera Wednesday, 28 December 2022 09:16 PM
මට මතක් වෙන්නේ අර ගලේ පහරපු බල්ලාගේ කතාව
wedage Thursday, 29 December 2022 09:40 AM
ඒ කියන්නේ සැමට කොමිස් යනවා කියලා නේ
senaThursday, 29 December 2022 11:26 AM
හරියටම හරි "අනේ ඔව් අපි ඔක්කොම එකතුවෙලා මෙ වැඩෙ කරගෙන යන්නෙ මට කොමිස් එකක් ඇත්තෙම නැති තරම්" කිව්වට හරියන්නෙ නැහැනෙ. අනික ඹෞෂධ හිගයක් හදලා තමන්ට කැමති තැනකින් බඩු ගන්න එක මෙයාලාගෙ පරන සෙල්ලමක් කියන එක අපි හොදටම දන්නවානෙ.
wedage Thursday, 29 December 2022 09:43 AM
එහෙනම් මොකටද ඉන්දියාවට ගියේ
fairoosThursday, 29 December 2022 01:06 PM
ඒක පොඩි වැකේෂන් එකක්.ඇයි අවුල්ද ?
Rata Perata Thursday, 29 December 2022 01:27 PM
මේ වගේ අපතයින්ට නම් ආයෙත් ඡන්දය දෙන්න එපා...