IMG-LOGO

ඖෂධ නීතිගත සංස්ථාවේ පරිගණක පද්ධතිය ස්ථාපනය කළදා සිටම අක්‍රීයයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ  වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා රුපියල් කෝටි 65 කට ආසන්න මුදලක් වැයකර  ස්ථාපනය කරනු ලැබූ  පරිගණක පද්ධතිය එසේ ස්ථාපනය කළදා සිටම  අක්‍රිය තත්වයේ පවතින බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  ( කෝප් ) තොරතුරු අනාවරණය විය.

මෙම පරිගණක පද්ධතියේ  නඩත්තු කටයුතු සඳහාද මසකට රුපියල්  ලක්ෂ 50ක්  වැය කෙරෙන බව  එහිදී වැඩිදුරටත් හෙළිවී ඇත.

මේ තොරතුරු හෙළිවූයේ  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කාර්ය සාධනය විමසීම සඳහා එම සංස්ථාවේ ප්‍රධානීන්  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට ඉකුත් 31  වෙනිදා කැඳවූ අවස්ථාවේදීය.

කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු  සංකීර්ණයේදී එදින රැස්විය.

මේ නිසා අඩු වියදමින් නව පරිගණක පද්ධතියක් සකස් කිරීමේ  කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බව  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ  නිලධාරීහු  පැවසූහ.

එහි කටයුතු  සියයට 80  ක් පමණ දැනටමත් අවසන්වී ඇතැයිද  සඳහන් ඔවුහු කළහ.

මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසුවේ සංස්ථාවට අවශ්‍ය පරිදි මෙම පද්ධතිය සකස් කිරීමට රුපියල් කෝටි 700ක් පමණ වැයවන බවයි.

තවද රටේ පවතින ඖෂධ අවශ්‍යතාව ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳවද  මෙහිදී වැඩි අවධානය යොමුවිය.

මෙවැනි ක්‍රමවේදයක් වඩාත් නිවැරදිව පවත්වාගෙන  යෑමට කටයුතු කිරීමේ වැදගත්කමද කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී  පෙන්වා දුන්නේය.



අදහස් (0)

ඖෂධ නීතිගත සංස්ථාවේ පරිගණක පද්ධතිය ස්ථාපනය කළදා සිටම අක්‍රීයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 411 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 275 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site