IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඖෂධ කාණ්ඩ 40 ක් අත්හිටුවයි ?

(යොහාන් භාසුර)
සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ රෝහල් වෙත සැපයූ ඖෂධ රෝගීන්ට දීම අවස්ථා 69 කදී අත්හිටුවා ඇති බවත් එහිදී අත්හිටුවූ ඖෂධ කාණ්ඩ අතරින් කාණ්ඩ 40 ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සැපයූ ඖෂධ බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය.
ඖෂධ නිෂ්පාදන නිතීගත සංස්ථාව සපයන ඖෂධවල තත්වය පිළිබඳව ඇති ගැටලු මග හැර සිටීමට වඩා එය නිවැරදි කර ගැනීමට නිසි අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව කී කුමුදේෂ් මහතා පැවසුවේ වැඩි ඖෂධ කාණ්ඩ ප්‍රමාණයක් නතරකර ඇති තනි සැපයුම්කරු ලෙස රජයේ මැදිහත් වීමෙන් ඖෂධ නිෂ්පාදනය කරන ආයතනයට වගකීම පැවරෙද්දී ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ අවධානය මීට වඩා යොමුවිය යුතු බවත්ය.
දේශීය ඖෂධ නිෂ්පාදන සහ ඉන්දියානු නිෂ්පාදන පිළිබඳව වැරදි මතයක් සමාජ ගත කරමින්, යුරෝපයේ ඖෂධ පමණක් ගෙන්වීමේ තීන්දුවක් ගැනීමට ඇතැම් අය උත්සාහ කරන බව කී කුමුදේෂ් මහතා ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල් ඇමරිකාව සහ යුරෝපා රටවලට ඉතා විශාල වශයෙන් තත්වයෙන් උසස් ඖෂධ අපනයනය කරමින් සිටියදී එම රටවලින් බාල ඖෂධ පමණක් මෙරටට ලැබීම තෝරා ගැනීම පිළිබඳ ගැටලුවක් මිස, රට පිළිබඳ ගැටළුවක් නොවන බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා රජය මැදිහත් වීමෙන් රටට ඖෂධ සැපයෙන ආයතනයේ නිෂ්පාදන පිළිබඳ ගැටළුවක් ඇත්නම් එය කළමණාකරණ ගැටළුවක් මිස රටේ නොහැකියාව පිළිබඳ ගැටළුවක් නොවන බවත් මෙරට ආර්ථික අර්බුදයට අදාලව තීන්දු ගනු ලබන්නේනම් දේශීය ඖෂධ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් කුමුදේෂ් මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 

 



අදහස් (1)

ඖෂධ කාණ්ඩ 40 ක් අත්හිටුවයි ?

Perera Monday, 14 August 2023 07:13 AM

කොමිස් එක ලැබුණාට පස්සේ අත්හිටෙව්වාට මොකද? නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site