(මනෝප්‍රිය ගුණසේකර)

වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කර සිටි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීනිය නීතීඥවරුන් මාර්ගයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (30) බාර වුවාය”
එලෙස බාරවු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීනි දීපීකා බුලත්සිංහල මහත්මිය සම්බන්ධයෙන් නිකුත් කර තිබු වරෙන්තුව ආපසු කැඳවීමට මහෙස්ත්‍රාත්වරියය නියම කළාය.
ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හළ ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගම හා මෙම අපරාධයට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙසට කළ නියමය අනුව අධිකරණට නොපැමිණී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට එරෙහිව වරෙන්තු නිකුත් කරන්නැයි මීට පෙර දින පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය වහාම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට නියම කරමින් ඒ සඳහා වරෙන්තුවක්ද නිකුත් කළාය.
එසේ තිබියදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීනිය නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණණයට බාර වී කළ ඉල්ලීමකට අනුව ඇයට එරෙහිව නිකුත් කර තිබු වරෙන්තුව ආපසු කැඳවීමට මහෙස්ත්‍රාත්වරියය නියම කළාය