ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියානු පිල ලකුණු 87 ක පහසු ජයක් අත්කර ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 334 ක් ලබාගත්තේය. ඕවර 45.5 කදී ශ්‍රී ලංකා පිලට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 247 ක් පමණි.
තරගයේ පන්දුවෙන් පන්දුව සිදුවීම් සඳහා https://tinyurl.com/y38j5msk වෙත පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ ,අපේ ක්‍රිකට් වලට යනකළ කාට කියන්නද ? පැරණි ක්‍රිකට් දක්ෂ කම් මතක් වෙනවා මේ වෙලාවට .
කුසල් ජනිත්, දිමුත්, ලසිත් සහ උදානගේ ශ්‍රේෂ්ට සටන්කාමී දායකත්වය සහ ලංකාව වෙනුවෙන් ඔවුන් කිහිපදෙනෙක් පමණක් දියත්කල ඒ අධිෂ්ටානාත්මක සටනට මාගේ ප්‍රණාමය! ක්‍රිකට් නොතේරුණු මාගේ දියණියට ක්‍රිකට් ගැන අවබෝධයක් ලබා දෙන ගමන් ඇය සමග පුදුම සන්තෝසයකින් ආරම්භක පිතිකරුවන් යුවල දුන් ඒ සටන නරඹපු මොහොත, අවස්ථාවට ඔබින ලෙස මනස පාවිච්චි කරමින් ක්‍රීඩා නොකරන පිතිකරුවන් පිරිසක්, සියලු ක්‍රීඩා ලෝලීන් ඒ අභිමානයෙන් ගොඩනගාගත්තු බලාපොරොත්තු, අවාසනාවන්ත ලෙස සුන් කරමින්, සටන අඝාදයකට ඇද දමා හමාරකල ඒ ඉනිම, දරාගන්නට අමාරු බව සටහන් කරමි.
තරගය පරාජය වුණත්, ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩාවේ යෙදුණු බවයි මගේ අදහස...
කවුදෝ ලියලා තිබුණා වැඩිපුරම ඔට්ටු අල්ලලා තිබ්බේ ලංකාව දිනනවා කියලලු...
දිනන්න තිබුණු තරගයක්. ඇන්ජලෝ, තිරිමාන්න, සිරිවර්ධන වගේ බැට් කරන්න බැරි බැට්ස්මන්ලා නිසා තමයි පැරදුනේ, අනික අර ක්‍රිකට් දන්නවයි කිව්ව හාදයා ඇවිත් මුලින් අල්ල අල්ලා ඉඳපු එකත් හේතුවක්... එක්කෝ අර උදානවයි, තිසරවයි තුන සහ හතර ගහන්න දීලා අනිත් එවුන් පහළින් එවලා බලන්න ඊළඟ ඒකේ වත්...
තරගය ඇරඹූ අයුරු ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන් බොහෝ ආඩම්බරයට ලක්කිරීම ගැන බොහෝ තුති.... අනාගතය ජයවේවා!!!
තුන් වෙනියට බැට් කරන්න එවපු කෙනා දැක්ක ගමන් මටනම් හිතුන මෙතනින් මැච් එක ඉවරයි කියල , අපේ සියල්ල දත් පුහුණු කරුගේ මොලේ තමයි
මැද පෙළ තරමක් දුරට හෝ සාර්ථක වූවානම් තරගයක් ලබා දීමේ හැකියාව පැවතුණි..
මේ රට දියුණු වෙන්න නම් ඔය ක්‍රීඩාවෙන් ගැලවෙන්ඩ ඕනේ.
අබ සරණයි
දිමුත් අපිට දිනන්න ඕනෑ නැහැ. ඕවර 50වත් බැට් කරන්න ටෙස්ට් ගහන අයවත් අරගෙන ටීම් එක හදන්න. ඕක හදන්න ඔයාගෙන් පස්සේ කෙනෙක් පේනතෙක් මානයකවත් නැහැ.
ක්‍රිකට්වලට අද වෙලා තිබෙන්නේ... රටේ අනිකුත් ආයතනවලට වෙච්ච දේ..., අපේ රටට ලෝක කුසලානය ගෙනාපු අර්ජුන අද පාර්ලිමේන්තුවේ ඉන්නවා ඔහුට ක්‍රීඩා අැමැතිකම දුන්නද? ආර්ථික විශේෂඥයකු වන හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේ ඉන්නවා ඔහුට මුදල් අැමැතිකම දුන්නද? එ්ක දීලා තිබෙන්නේ රූපලාවන්‍ය ඩිප්ලෝමාධාරියකුට, අපේ රටේ යුද්ධය දිනවන්න විශාල සේවයක් කල ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ ඉන්නවා ඔහුට අඩුම තරමේ නියෝජ්‍ය ආරක්ෂක අැමැතිකමක් වත් දුන්නද? අද ත්‍රස්තවාදියෝ මේකේ පිනුම් ගහනවා. ලෝක කුසලානෙට යවපු ක්‍රිකට් කණ්ඩායමේත් ඉන්නේ මැතිව්ස් වැනි ලොකු නම් තිබුණත් දැන් වැඩ බැරි ක්‍රීඩකයන් ලකුණු ගහන්න පුළුවන් තරුණ ක්‍රීඩකයන් ගෙදර ඉන්නවා...
මැදපෙළ ක්‍රීඩකයෝ බුකී කාරයොත් එක්ක සෙට් වෙලා ඕනෑකමින්ම අඩුවට අවුට් වෙනවා ඇත්තේ... වහාම හොයලා බලන්න.
මැච් පැරදිලා මෙහෙ එනවා නොවෙයි. ලංකාවේ ක්‍රීඩාවලින් වැඩිම පහසුකම් දෙන ක්‍රීඩාව මේ කාලය කන ක්‍රීඩාව. ඉස්සර ක්‍රිකට් බොහොම විනයගරුක විදිහට සිදුවුනේ. ඒ කාලයේ මැච් ෆික්සින් තිබුනේ නැහැ. මේ බුකිකාරයෝ, මුදලාලිලා අාවාට පස්සේ ක්‍රිකට් වල කොලිටිය අවසන් වුණා. අනුර තෙන්නකෝන්ලාගේ කාලය තමයි ක්‍රිකට් ඉහළටම ඔසවා තැබූ කාලය. දැන් ක්‍රිකට්වලට වියදම් කරන සල්ලිවලින් හරක් ටිකක් අරන් දැම්මා නම් රටටම ඇතිවෙන්න කිරි දෙන්න තිබුණා.
සුරංග මහත්තයෝ... ගාණනම් කියලා වැඩක් නැහැ..
ක්‍රිකට් පිස්සුව තියන රටවල් ඔක්කොම හිඟන රටවල්. එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල නාකි සුද්දන් ඇරුණාම අනිත් අය ක්‍රිකට් ගණන් ගන්නේ නෑ. මේ කාලකන්නි ක්‍රීඩාව තියනකන් මේ රටට හරි යන්නේ නෑ.
ක්‍රිකට් නොබලන්න කියලා කැම්පේන් එකක් ගෙනියමු! ඔක්කොටොම රිදෙන්න. සිලෙක්ට් කරපු ටීම් එක 40% වැරදි.
අද බංගලාදේශේ ඉන්නේ අපි 1996 හිටපු තැන , අද අපි ඉන්නේ බන්ගල්දෙශේ 1996 හිටපු තැන , ඉදිරියට අපිට රේටින් එකේ ස්ථානය රැකගන්න සටන තිබෙන්නේ ඔස්ට්‍රේලියාව , එංගලන්තේ , දකුණු අප්‍රිකාව එක්ක නොවේ , අයර්ලන්තය , එමිරේට් රට වැනි රටවල් එක්ක මේ තත්වයට අපි වැටුනේ බුකි කාරයෝ ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ක්‍රිකට් ක්‍රීඩාව යන දෙකම ආක්‍රමණය කරපු නිසාය