
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (2023) ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව අද (19) සමත් විය.
ඕස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන ශූරතාව දිනූ හයවැනි අවස්ථාව මෙය වේ.
ශූරතාව දිනූ ඕස්ට්‍රේලියාව ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් හෙවත් රුපියල් කෝටි 120 කට අධික මුදල් ත්‍යාගයක් ද, අනු ශූර ඉන්දියාවට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් හෙවත් රුපියල් කෝටි 60 කට අධික මුදල් ත්‍යාගයක් ද, හිමිවිය.
අහමදාබාද්හිදී අද පැවැති අවසන් මහ තරගයේදී ඕස්ටේ්රලියානු ක්‍රීඩකයෝ කඩුලු 6 කින් සත්කාර ඉන්දියාව පරාජය කිරීමට සමත් වූහ.
ටේරවිස් හෙඩ් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 120 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 137 ක් රැස්කිරීමට සමත් විය.
ඉන්දීය පිල ඕවර 50 යේදී සියලු දෙනා දැවී 240 (රෝහිත් ශර්මා 47, විරාට් කෝලි 54, කේ. එල්. රාහුල් 66, සූර්යකුමාර් යාදේව් 18, මිචෙල් ස්ටාක් 55/3, පැට් කමින්ස් 34/2, ජොෂ් හෂල්වුඩ් 60/2) ඕස්ට්‍රේලියාව ඕවර 43 කදී කඩුලු 3 ට 241 (ටේරවිස් හෙඩ් 137, මානස් ලැබුෂේන් නොදැවී 58, ජස්ප්‍රිට් බුම්රා 43/2)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම් ඕස්ට්‍රේලියාව, සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ. කනක් අහලා ඉන්න පුළුවන් හෙට වැඩට ගියාම ඇති අපිට නම්...!
ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට, ක්‍රිකට් බෝර්ඩ් චෙයාර්මන්ලාට අල්ලස් දීලා ඉන්දියාව ලෝක කුසලානේ ඉදිරියට ආවත් අල්ලස් නොගන්න සුද්දෝ ඉස්සරහ කොර වෙලා පැරදුණු නිකන් පාසල් කණ්ඩායමක් වගේ, ඉන්දියාව කියන්නේ ලොකු කෙරුමෙක් නොවේ... ඔක්කෝම කරන්නේ සල්ලි බලෙන්, ක්‍රිකට් අවුරුදු 5 කට තහනම් වුණත් කමක් නැහැ කියලා අර්ජුනට බාරදෙන්න.. සුද්ද කරලා ගන්න...
පුංචිවට කාලකන්නි සංතොසයක් නැතුවම නොවේ
ඊයෙ අපේ රට ඖස්ට්‍රලියවෙ ප්‍රාන්තයක් වගේ,කිසිම ප්‍රතිපත්තියක් නැති හැරෙන හැරෙන පිලට හුරේ කියන මිනිස්සු මෙකේ ඉන්නෙ ඔය ටීම් දෙකෙන් කවුරු දිනුවට් අපිට සුගතියක් නැහැ . අපෙ ක්‍රිකට් වල පල්ලටම ගිහින් තියෙද්දි අපි ඉන්දියාවට පැරදුනාම හුරෙ දානව. දැන් අපෙ රටෙ තිබ්බ ලොකුම ගැටලුව විසදුනානෙ .ඉන්දිවයාව පරද්දල
රන්දිල් මහත්මය ,අපේ මිනිස්සු ඔස්ට්රේලියට හුරේ දමන්නේ කාරණා දෙකක් නිසා (1) ඉන්දියාව අපේ ක්‍රිකට් සල්ලි වලට යටවෙන අපේ ලොකු ලොක්කෝ සහ එකතුවෙලා සල්ලි වියදම් කරලා විනාශ කරන්න කටයුතු කරපු බව අපේ ක්‍රීඩා ලෝලයන්ට වැටහෙමින් පවතිනවා , එමනිසා ඔවුන් ඉන්දියාවට චියර් කරන්න කැමති නැහැ , (2) අපි කලින්ම එලියට විසිවුණා නිසා අපට චියර් කරන්න පුළුවන් හොඳම කණ්ඩායම ඔස්ට්‍රේලියාව ඔවුන් පගවදිල අපේ ක්‍රිකට් විනාශ කරන්න බලන්නේ නැහැ යම් දුරකට අවංකව ක්‍රීඩා කරනවා , ඉන්දියාව ප්‍රේමදාස එකේ තන තිල්ල හදන මිනිස්සුන්ට පවා ප්‍රසිධියේ පගාව දෙනවා ,
රන්දිල් බෝලයක්බැට් එකක් ගන්න බැරිව පාසල් ක්‍රිකට් බින්දුවටම වැටිලා තිබෙන කොට, ක්‍රිකට් සංගමේ මුදලින් ගණිකාවෝ එක්ක බිස්නස් ක්ලාස් ටිකට් අරන් ඕස්ට්‍රේලියාවේ යන, ලංකාවේ නම විකුණමින් ඩොලර් ලක්ෂ ගණන් යටි මඩි ගහන, පාලකයෝ, රාත්‍රිය පුරා මත්පැන් පානය කර ගෙදර යනගමන් උදේ පාන්දර පාරේ ඉන්න අහිංසක මනුස්සයෙක් රෙන්ජ්රෝවර් එකට යටකරගෙන යන, ශ්‍රී ලංකාව නියෝජනයට පිටරට ගියාහම විවිධ දුරාචාර වල යෙදෙන ක්‍රීඩකයන් සමග ඉන්දියාවේ මුදලින් යැපෙන වැරැදි උපදෙස් දෙන පුහුණුකරුවන් සමග එකතුවෙලා ලකුණු ලකුණු 50, 55 ගහනකොට, මිනිස්සු කොඩි වනමින් හැමදාම ඔය ගොල්ල පසුපස එන එකක් නැහැ... මිනිස්සු වෙන විකල්ප සොයාගනිවී... ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ලංකාවේ මිනිස්සු ඕස්ට්‍රේලියාවට අනිවාර්යයෙන් චියර් කරාවි...!
මම සතුටු වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණයට නොවෙයි... ඉන්දියාවේ පරාජයට... නියමයි පරාජය...!