IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


‘‘ඕස්ට්‍රේලියාවේ ඇප්ලෝ ජෙනිස්ලට වෙච්ච දේ තමයි ලංකාවේ යූඑන්පී එකට වන්නේ‘‘

(රෝවන් පෙරේරා)

2013 වසරේ ඥානසාර හිමියෝ සහරාන්ගේ කල්ලිය ගැන හෙළිදරව් කරලා තියෙනවා.ඒ වේලාවේ ක්‍රියාත්මක වුණා නම් මේ ජීවිත හානිය සිදු නොවන්නට තිබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද (30)  ආණමඩුවේදී පැවසීය.

ආණමඩුව එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති ජන හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා එහිදී මෙස්ද කීය.

    ‘‘එදා ශරියා විශ්ව විද්‍යාල හදන්න හිස්බුල්ලාට ඉඩ දුන්නා. මන්නාරම් ප්‍රදේශයේ ජනපද ඉදිකරන්න දුන්නා.විපතට පත් වුණා කියලා පුත්තලමට ඇවිත් ලියාපදංචි නොවී ස්ථීර නිවාස හදාගෙන ජීවත් වෙන්න ඉඩ දුන්නා.

පදිංචිය පුත්තලමේ ලියාපදිංචිය මන්නාරමේ ඡන්දය කාලෙට සී ටී බී බස් අරගෙන මන්නාරමට යනවා.ලියාපදිංචි නොවී සිටියත් මෙහෙ ඉඳගෙන සියලු වරප්‍රසාද ලබා ගන්නවා.10,000 වැඩි පිරිසක් ඒ විදිහට කල්පිටිය සහ පුත්තලමේ ඉන්නවා.

ලියාපදිංචිය සම්බන්ධයෙන් කිසිම ක්‍රියා මාර්ගයක් අරගෙන නැහැ.ආරක්ෂාව සම්බන්ධ ක්‍රියා මාර්ග නොගැනීම නිසා තමයි අද මේ තත්වය ඇති වෙලා තියෙන්නේ.

නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා හරියට කටයුතු කළා නම් ඇතිවූ තත්වය වළක්වා ගන්න තිබුණා.මේවා පිළිබඳ කටයුතු කරන්න දැනුමක් තිබෙන්න ඕනා.මේසන් බාස්ට වහල ගහන්න දිලා හරියන්නෙ නැහැ. දැන් පාර්ලිමේන්තුවෙත් වෙලා තිබෙන්නේ ඒකයි.

ආරක්ෂක විෂය පිළිබඳ මෙලෝ දෙයක් දන්නැති අඩුම ගානෙ කැඩෙට් කණ්ඩායමකවත් හිටපු අය නෙවෙයි. ඒවට පත් කරලා තිබෙන්නෙ සුදුස්සාට සුදුසු තැන නොලැබීම තමයි මේකට හේතුව.සුදුසු අය පාර්ලිමේන්තුවේ නිකම් ඉන්නවා.

රටක් ගැන හිතලා වැඩක් කරනවා නෙවෙයි තමන්ගෙ පරපුර ගැන හිතලා තමයි බොහෝ දෙනා වැඩ කටයුතු කරන්නෙ. ඒකෙ ප්‍රතිඵල නිසා තමයි රටේ මිනිස්සුන්ට පරිප්පු කන්න වෙලා තිබෙන්නෙ. ශ්‍රිලංකා, යූ එන් පී, ජේ වී පී එපා වෙලා තියෙන්නේ. මේක රුපියලේ කාසිය වගේ තමයි.උඩ දාන විට එක පැත්තකට මුණ අනිත් පැත්තට පොල්ල වැටෙනවා දැන් පොල්ලයි මූණයි දෙකම එපා වෙලා තිබෙන්නෙ.මහින්දගෙ කාලෙත් මේ කාලෙත් එකමයි.

ආණ්ඩුවේ ඉන්න රිෂාඩ්ට වගේම හිස්බුල්ලටත් , අසාද් සාලිටත් ඒ චෝදනාම තිබෙනවා.හැබැයි රිෂාඩ්ට වගේ අනිත් අයට ගහන්නෙත් නැහැ. පසු ගාමිකයින්ට ගහන්නෙත් නැහැ.සෝෂල් මීඩියා එකෙත් ප්‍රධාන රූපවාහිණි නාලිකාවලත් ගහන්නෙ නැහැ.ආණ්ඩුවට පක්ෂ නම් ගහනවා.

එක එක්කෙනාට ගහ ගහ ඉන්න අවශ්‍ය නැහැ.නීතිය හා සාමය ඇමතිකම තිබෙනවා ආරක්ෂක ලේකම්ට  හදීසි නීති බලතල අනුව හරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව හරි මාස 18 කාලයක් පුද්ගලයකු රඳවා තබා ගෙන විමර්ශන කරන්න පුලුවන්. චෝදනා තිබෙනවා නම් මේ බලතල පාවිච්චි කරලා කටයුතු කිරීම තමයි සිදු කරන්න ඕන.

මේ සේරම තියාගෙන පිඹුරුපත් හදනවා ඊලඟ ජනාධිපතිවරණයට එන්න එක පැත්තකින් බෞද්ධ ජනතාවගේ 74% සිංහල ජනතාවගෙ ඡන්ද ටික ගන්නෙ කොහොමද කියලා බලනවා.මුසිලිම් නායකයො ආරක්ෂා කරමින් ඒ අයගෙ ඡන්ද ටික ගන්න හදනවා .

දැන් බලන්නෙ 300 නෙවෙයි 3000 මැරුණත් මට කමක් නැහැ මට ඕනා ඊලඟ සැරේ ජනාධිපති ධූරය පමණයි.දේශපාලන නායකයෝ ඇමති තනතුර නිසා නිවට වෙමින් ඉන්නවා.

නායකත්වය බේර ගන්න නිවට වෙමින් ඉන්නවා.මේ සම්බන්ධ කුමක් හෝ පියවරක් ඉදිරියේදී ගන්න වෙනවා. යම් යම් කණෟඩායම් එකතු වෙලා.එහෙම නැතුව ගියොත් එහෙම එක්සත් ජාතික පක්ෂයත් අර ලෝකයේ වඳවෙන ජාතියක තත්වයට එයි. ඕස්ට්‍රේලියාවේ ඇප්ලෝ ජෙනිස්ලට වෙච්ච දේ ලංකාවේ යූ එන් පී එකටත් වෙයි. අපි කතා නොකර හිටියොත් එහෙම.අපි කටයුතු කරන්නෙ යූ එන්පී එක ශක්තිමත් කරන්නයි.අපි රටක් විදිහට එකතුවී රට වෙනුවෙන් කටයුතු කරමු.‘‘

 



අදහස් (0)

‘‘ඕස්ට්‍රේලියාවේ ඇප්ලෝ ජෙනිස්ලට වෙච්ච දේ තමයි ලංකාවේ යූඑන්පී එකට වන්නේ‘‘

ඔබේ අදහස් එවන්න

දියත

ෆවුසිගේ පුතා අත්අඩංගුවට
2024 මැයි මස 07 57 0

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්. පවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.


සි .අයි. ඩි බුද්ධි නිලධාරීන් යොදවා කළ සැලසුම අතේ පත්තුවෙයි
2024 මැයි මස 07 36 0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ අවසරයකින් තොරව මහරගම පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ රජයේ කොන්ත්‍රාත්කරුවකුගේ නිවසට ගොස් කොන්ත්‍රාත


‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘
2024 මැයි මස 07 574 0

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල


සජිත්ට අනුරගෙන් අවසන් නිවේදනයක්
2024 මැයි මස 07 2215 0

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලක


විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම ඇනහිටියි
2024 මැයි මස 07 690 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මෙරට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම කටයුතු නතර වී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ ක


මහ බැංකුවට කෝටි සීයක පාඩුවක්
2024 මැයි මස 07 912 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 546 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1994 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1766 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site