(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාවසමත් විය.
කොල්කටාහිදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ කඩුලු 3 කින් දකුණු අප්‍රිකාව පරාජය කිරීමට සමත් වූහ.
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් මහා තරගය අහමදාබාද්හිදී මේ මස 19 වැනිදා පැවැත්වීමට නියමිතය.
දකුණු අප්‍රිකානු පිල ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 212
(හෙන්රිච් ක්ලාසීන් 47, ඩේවිඩ් මිලර් 101, ජෙරල්ඩ් කොයිට්ෂි 19, මිචෙල් ස්ටාක් 34/3, ජෝෂ් හෂල්වුඩ් 12/2, ටේරවිස් හෙඩ් 21/2, පැට් කමින්ස් 51/3)
ඕස්ට්‍රේලියානු පිල ඕවර 47.2 කදී කඩුලු 7 ට 215
(ටේරවිස් හෙඩ් 62, ඩේවිඩ් වෝනර් 29, ස්ටීව් ස්මිත් 30, මානස් ලැබුෂේන් 18, ජෝෂ් ඉන්ලිස් 28, මිචෙල් ස්ටාක් නොදැවී 16, පැට් කමින්ස් නොදැවී 14, ටැබි්‍රස් ශම්සි 42/2, ජෙරල්ඩ් කොයිට්ෂි 47/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd