
(ටී.කේ.ජී.කපිල)
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ " සුරක්ෂා" මැදුරෙහි (Saffe House ) රදවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 15 දෙනකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
ඕමානයේ සුරක්ෂා මැදුරෙහි දැනට ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 117 දෙනකු රදවා සිටින අතර , ඔවුන් අතරින් 17 දෙනකු ශ්‍රී ලංකාවට එවීම සදහා ඕමානයේ මස්කට් ගුවන් තොටුපළ වෙත භාර දී තිබූ අතර , එයින් මෙම ගෘහ සේවිකාවන් දෙදෙනකුගේ ලියකියවිලි වල පැවති අඩුපාඩු නිසා ඔවුන් මස්කට් ගුවන් තොටුපළ විසින් ප්‍රතික්ෂේප කර තිබුණි .
මෙම පිරිස භාර ගැනීම සදහා මෙම ගෘහ සේවිකාවන්ගේ දෙමාපිය නෑදෑ පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
මෙම සිදු වීම වාර්තා කිරීම සදහා මාධ්‍යවේදීන් කීප දෙනකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියද , ඔවුන්ට ඒ සදහා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාවේ ඇති ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කවුන්ටරය වෙත යෑමට ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා අවසර ලබා නොදීම නිසා එම ප්‍රවෘත්තිය වාර්තා කිරීමට බලවත් බාධා ඇති විය .
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕමානයේ රඳවා සිටි තවත් 15 දිවයිනට