
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඕමාන් රාජ්‍ය යේ ගෘහ සේවිකාවක ලෙස සේවයට ගිය ආණමඩුව කුමාරගම 39 හැවිරිදි අවිවාහක කාන්තාවක් එරට දී පස් මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගත් බව පවසමින් මරණයට පත් කාන්තාවගේ සිරුර මෙරටට එවා ඇති බව ඥාතිහු කියති
ආණමඩුව කුමාරගම පදිංචි 39 හැවිරිදි ජේ.ඒ.ශීරෝමි ප්‍රදීප් ජයකොඩි නැමති අවිවාහක කාන්තාව මෙසේ අවාසනාවන්ත අයුරීන් දිවි නසා ගෙන ඇති බව පවසමින් මෙර.
මෙසේ අභිරහස් ලෙස මරණයට පත්ව ඇති කාන්තාව දරුවන් හය දෙනෙකුගෙන් සමන්විත පවුලේ දෙවැනියා බව කියයි.ඇය තම මව හා පියා ජීවත් කරමින් විදේශ රටවල රැකියාවල නිරත වී ඇති බවද කියයි.
කෙසේ වෙතත් මෙම අවිවාහක කාන්තාවගෙ මව,පියා ඇතුළු සහෝදර සහෝදරියන් පවසන්නේ ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගැනිමට තරම් ප්රුශ්ණ නොතිබු බවයි.
කෙසේ වෙතත් මෙම කාන්තාව ව්යාදජ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යනු ලබන නිකවැරටිය කොටහෙර ප්රවදේශයේ පුද්ගලයකු හා හලාවත පදිංචිකරුවකු හරහා සංචාරක විසා ලබා දෙමින් වංචනික අයුරින් රවටමින් මෙසේ රැගෙන ගොස් ඇති බව ඥාතිහු පවසති.
ඇය පසුගිය කොරෝනා සමයෙ ලංකාවට පැමින ඉන් පසුව මෙම වසරේ ජූලි මාසයෙ 20 දින ඕමාන් රැකියාවට මෙසේ යාමේන් පසු මෙසේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇති බව කියයි.
මෙම අවිවාහක කාන්තාවගෙ පවුලේ පිරිස් චෝදනා කරන්නේ ව්‍යාජ ලිපි ලේඛණ සකසමින් මෙම කාන්තාව ඕමානයෙ ගෟහ සේවිකාවක් ලෙස රැගෙන ගොස් ඇත්තේ සංචාරක විසා මගින් බවයි.
එසේ රැගෙන ගොස් ඕමානයෙ නිවසකට මෙම කාන්තාව ගෘහ සේවයට අලේවි කර ඇති බවත් එහිදි අදාල නිවසේ සිට දුරකථන ඇමතුම් ලබා ගනිමින් තමන් හොදින් ඉන්නා බව පවසා තිබුනද එම ඇමතුමෙන් පසු කිසිදු තොරතුරක් නොමැති වු බවද කියයි.
ඉන් පසු මේ ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පවුලේ පිරිස් පැමිනිලි කර තිබුනද ඇය සංචාරක විසා මත නීති විරෝධි ජාවාරම් කරුවන් රැගෙන ගොස් ඇති බවත් එහි තොරතුරු ලබා ගැනිමට කටයුතු කරන බවද දන්වා තිබුනී.

2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඕමානයේ ගෘහ සේවිකාව දිවි නසාගත්තැයි දේහය ලංකාවට එවලා
Perera Tuesday, 28 November 2023 07:39 PM
සමහරුන්ට විදේශ රටවල්වල බැලමෙහෙවර කම් කරලා මෙහෙම මැරිලා එන්න ලැබෙන එක හොඳයි... ලංකාවේ ගෙදරක වැඩට යනවට වඩා...
බද්රානි Tuesday, 28 November 2023 09:09 PM
අපෝ මේ වගේ නිව්ස් බැලුවාට සිරි ලාංකිකයින්ට කිසි ගැම්මක් නැහැ.. ඊශ්‍රායල් කාරයෝ ගාසා තීරයේ මුස්ලිම් වරුන්ට ගහද්දී තමයි හදවත කකියලා, උඩු බුරන්න හිතෙන්නේ... අනික ඉතින් මේ ලංකාවේ හිඟන කාන්තාවන් වගේද ගාසා තීරයේ වැදගත් අසරණ ජනතාව... ලංකාවේ හිඟන ජීවිතවලට වටිනාකමක් නැති උනාට ලංකාවේ බල්ලන්ට ගාසා වල ජීවිත කොච්චර වටිනවද..? අන්න එකනේ මෙවැනි ජීවිත ගැන බල්ලෝ උනත් නිහඬ...
anuranga Wednesday, 29 November 2023 09:23 AM
අවුරුදු 75ක් තිස්සේ අපිට හදපු රට, කාලකන්නි තව මේ රට කාපියව්...!