
(රෝෂන් තුෂාර)
ඇල්ල ඕඩිසී දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලය සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසිය අද (24)පැවසීය .
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇප ලැබූ සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා ඉදිරියේ මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.
සැකකරුවන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පණත යටතේ විමර්ශන සිදු කරන බවද පොලිසිය පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වලට එයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට දැනුම් දෙනලෙසට දන්වා සිටියේය.
COMMENTS
ඕක අහන්නත් දෙයක්ද? ටිකට් නිකුත් කරන මිනිස්සුන්ගේ සම්බන්ධයක් නැතිව කොහොමද ටිකට් ජාවාරමක් කරන්නේ? පසුගිය කාලේ පාස්පෝර්ට් වීසා ජාවාරම් වලට එක ඇතුලේ ඇයෝ සම්බන්ධයි.. රියැදුරු බලපත් ජාවාරමත් ඒ හා සමානයි.. මේකෙත් වැඩි වෙනසක් නැතුව ඇති...