IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඕ.අයි.සී ගේ ජීප් රියේ අසභ්‍ය වැකි ලියු සී.අයි ට වැඩ වරදී

(ඉන්දිකා  රාමනායක)

ජා-ඇළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජීප් රථය පොලිස් භූමියේ නවතා තිබියදී එය සූරා අසභ්‍ය වදන්  ලිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවය කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් මාර්තු මස   දි   මෙම සිද්ධිය සිදුව ඇති අතර  රාත්‍රී කාලයේ  ජීප් රථය පොලිස් භූමියේ නවතා තිබියදී කිසිවකු විසින් එය සූරා  අලාභ හානි සිදුකර එහි අසභ්‍ය වදන් ලියා තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.

මෙම විමර්ශනය සිදු වෙමින් පවතින අතරතුර ජා ඇල  පොලිස් ස්ථානයේ රාජකාරි කරමින් සිටී සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සේවයට වාර්තා කර නොමැති අතර සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ඉකුත්  අප්‍රේල් 21 දින ඔහුට තනතුර  අතහැර යාමේ නියෝග නිකුත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියල්ල තහවුරු කරගෙන මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක අද (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත..

 



අදහස් (2)

ඕ.අයි.සී ගේ ජීප් රියේ අසභ්‍ය වැකි ලියු සී.අයි ට වැඩ වරදී

ලසන්ත Wednesday, 31 May 2023 12:21 PM

මේ විධියටම මැති ඇමැතිලාට එරෙහිව ඉදිරිපත් වන අනෙකුත් පැමිණිලි සම්බන්ධයෙනුත් "දීර්ඝ විමර්ශනයක නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියල්ල තහවුරු කරගෙන" කියලා අසන්නට ලැබේවා!

:       1       3

wedage Wednesday, 31 May 2023 01:46 PM

මේ ජීප් රියේ අයිතිකරු OICද? නැතිනම් ඉන්දියන් රජයෙන් දීපු එකක්ද?

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site