
(යොහාන් භාසුර)
අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරගාවලි අතරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන 54 වැනි අන්තර්ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී (2022) ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව අන්තර්ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියකදී දැක්වූ ඉහළතම දක්‍ෂතාව මෙවර ජයග්‍රහණය බව ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ සහ ශ්‍රී ලංකා රසායන විද්‍යා ඔලිම්පියාඩ් කමිටුවේ සභාපති ආචාර්ය ඉරේෂිකා ද සිල්වා මහත්මිය පැවසුවාය.
ආර්. කාවින්ද චතුරංග (කොළඹ නාලන්දා විදුහල), බෙනුල්ජිත් මින්දුල කරුණාරත්න (කොළඹ රාජකීය විදුහල), නෙලූශි විතානාච්චි (කොළඹ විශාඛා විදුහල), නිලක්නා දිසිවරී වරුසවිතාන (කොළඹ විශාඛා විදුහල) සහ වසන්ත මෝහන් සසන්ගන් (මඩකලපුව ශාන්ත මයිකල් විදුහල) යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙවර රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළහ.
ස්විට්සර්ලන්තයේ සූරිච්හිදී ලබන වසරේ (2023) පැවැත්වෙන 55 වැනි අන්තර්ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය නියෝජන කරන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සඳහා වන ශ්‍රී ලංකා ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් මූලික තරග විභාගය ලබන පෙබරවාරි මස 19 වැනිදා පැවැත්වෙන බවත් අපොස උසස් පෙළ විභාගයට රසායන විද්‍යා විෂය හදාරණ සිසුන්ට එයට අයදුම් කළ හැකි බවත් ශ්‍රී ලංකා රසායන විද්‍යා ඔලිම්පියාඩ් කමිටුව පවසයි.
එම විභාගය සඳහා මේ මස 31 වැනිදා දක්වා අයදුම්පත් භාරගන්නා බව කියන ශ්‍රී ලංකා රසායන විද්‍යා ඔලිම්පියාඩ් කමිටුව එම විභාගයේ ප්‍රතිපළ අනුව අවසන් තරගාවලියට 30 ත් 35 ත් අතර කණ්ඩායමක් තෝරාගන්නා බව ද සඳහන් කරයි.
ලබන වසරේ ජූලි මස 1 වැනිදාට වයස අවුරුදු 20 ට අඩු හොඳම තරගකරුවන් සිවුදෙනා අන්තර්ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට ඉදිරිපත් කරන බවත් අඅඅගසජයැපජගැාමගකනරැජදික වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකි බවත් එම කමිටුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔලිම්පියාඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාව ඉදිරියට
Perera Wednesday, 28 December 2022 08:25 PM
ලංකාව ඔබ වැනි අයගේ දක්ෂතාවලින් නිසි ප්‍රෙයා්ජන ගන්න දන්නේ නැහැ... දරුවනේ, ඔබේ දක්ෂතා අගයන කොහේ හරි රටකට යන්න.
sharm warn Thursday, 29 December 2022 10:09 AM
අනේ දරුවනේ, ඔයාලාට අපි හදවතින්ම සුබ පතනවා. ඒත් ඔයාලාට මේ නාකි ඉන්නකන් අනාගතයක් නැති එකට හරිම දුකයි. අඩුගානේ ඔයාලාගේ දෙමාපියන්ට කියන්න හොරුන්ට බලය දෙන්නේ නැතිව හරි මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න කියලා...