(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ 2020 වර්ෂයේ පූර්ණ කාලීන පාඨමාලාවන් සඳහා ආධුනිකයන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය වංචනික අයුරින් කර සුදුසුකම් සහිත ආධුනිකයන් තිස් දෙනකු සිටිය දී සුදුසුකම් නොලැබූ ආධුනිකයන් විසි දෙනකු තෝරාගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම කරුණ විගණනයන් පෙන්වාදී වසර දෙකකට ආසන්න කාලයක් ගතවී තිබුණද අක්‍රමිකතා කළ නිලධාරීන් සම්බන්ධයෙන් පසුගිය වසරේ මාර්තු 15 වැනිදා දක්වාම කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.
මේ අතර කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ ආධුනිකයන් විසින් නිෂ්පාදනය කරනු ලබන ලී බඩු විකිණීම සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලකින් ඉදිකර තිබූ ප්‍රදර්ශනාගාරය සහ ඔරුගොඩවත්ත මෝටර් රථ කාර්මික ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ රුපියල් කෝටියකට ආසන්න මුදලකින් ඉදිකර තිබූ ශිෂ්‍ය නේවාසිකාගාරය හා කාර්ය මණ්ඩල නේවාසිකාගාරය ඒවායේ උපකරණද සමග පසුගිය වසරේ මාර්තු මස වනවිටත් භාවිතයට නොගෙන පැවතුණු බව විගණන කාර්යාලය පවසයි.
තවද පොලොන්නරුවේ වසා දමා ඇති පුහුණු මධ්‍යස්ථානයක පුහුණු උපකරණ 297 ක් වසර හතකට අධික කාලයක් තිස්සේ ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔරුගොඩවත්තේ විභාග වංචාවක් විගණනයන් හෙළිවේ