ගෝලීය කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාව මෙම සතියේ ද සකසා ඇත. 

චීනයේ වුහාන් නගරයේ වෛද්‍ය ලී වෙන්ලියැන් නව කොරෝනා වයිරසයක් පැතිර යන බවට මුලින්ම හඟවා දෙවසරකට ආසන්නය.

එදා පටන් මේ දක්වා ආසාදිතයන් 269,615,826 අතරින් 5,315,387 දෙනෙක් මිය ගියහ. ඒ මුළු රෝගීන්ගෙන් සියයට දෙකකි. සුවය ලැබූ සංඛ්‍යාව 242,552,111 දෙනෙක්සු වය ලැබූහ.

දැනට ලොව පුරා 21,748,328ක් ප්‍රතිකාර ලබති. එයින් 21,659,517ක් බරපතල නොවන බව ද ලොව පුරා වෛද්‍ය වාර්තා සඳහන් කරයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය ද දැන ගන්නට ලැබී ඇති තොතරු අනුව ඩෙල්ටා ප්‍රභේදයට වඩා තරමක් වේගයෙන් පැතිරෙන නමුත් රෝග ලක්ෂණ එ තරම් දරුණු නැති බව එම වාර්තා වෙන් පවසයි.