IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඔමික්‍රෝන් අඩපණ කරන්න විශේෂ ෆයිසර් එන්නතක්

විශේෂයෙන්, 'ඔමික්‍රෝන්' විකෘතිය  ඉලක්ක කරගෙන, එය අඩපණ කිරීමට,  ඇමෙරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම නිපදවන යවත්කාලීන කරන ලද 'ෆයිසර්' එන්නත ඇණවුම් කිරීමට බටහිර රටවල් මේ වනවිටත් පියවර ගෙන ඇත.

පළමුවෙන් එම යවත්කාලීන කරන ලද 'ෆයිසර්' එන්නත ඇණවුම් කර ඇත්තේ යුරෝපා සංගමයයි. ඒ, යුරෝපා සංගමයේ රටවල් සදහාය. මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතිය යුරෝපා රටවල බහුලව ව්‍යාප්ත වෙයි.

'ඔමික්‍රෝන්' වේගයෙන් ව්‍යාප්ත වුණත්, සංකූලතා අවම වුවත්, එය කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත්වල කාර්යක්ෂමතාව අඩු කරන බව සොයා ගෙන තිබේ.

රටවල් බොහොමයක් 'ෆයිසර්' එන්නත යොදා ගනිමින් බූස්ටර් එන්නත් ලබා දීම සිදු කරන්නේ ද මේ නිසාය.

'ඔමික්‍රෝන්' කරළියට පැමිණි අවස්ථාවේදී ම ෆයිසර් සමාගම කියා සිටියේ දින 100 ක් ඇතුළත ඔමික්‍රෝන් පමණක් නොව ඉදිරියේ දී බිහිවනු ඇතැයි විශ්වාස කෙරෙන කොවිඩ් 19 විකෘති ඉලක්ක කර ගනිමින් යවත්කාලීන කළ විශේෂ එන්නතක් නිපදවන බවය.

ඒ අනුව පසුගිය නොවැම්බර් 25 වැනිදා පර්යේෂණ මට්ටමේ එන්නතක් නිපදවීමට 'ෆයිසර්' සමාගම කටයුතු කළේය.

එම එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර තිබේ. එන්නත මහා පරිමාණයෙන් නිපදවීම අද හෙට සිදුවනු ඇතැයි පැවැසෙයි.

යුරෝපා සංගමය යුරෝපා රටවල් සදහා ඇණවුම් කර ඇත්තේ මෙම යවත්කාලීන කළ 'ෆයිසර්' එන්නතය.

(රොයිටර්)



අදහස් (2)

ඔමික්‍රෝන් අඩපණ කරන්න විශේෂ ෆයිසර් එන්නතක්

යෝගා Friday, 17 December 2021 07:15 PM

එහෙනම් අපි විතරක් මොකටද පරණ ෆයිසර් වලින් බූස්ටර් ගහන්නේ

:       19       12

ravin Friday, 17 December 2021 07:19 PM

අපේ අයියලා ටික රවුම් කර කර ගැරිල්ල වගේ...

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site