
(යොහාන් භාසුර)
දුම්රිය ආසන වෙන්කිරීම සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට කිරීමෙන් සාමාන්‍ය ජනතාව තව දුරටත් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් සැළසුම්සහගත පිරිසක් මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කරගෙන ඒවා වැඩි මිලට අළෙවි කරන බවත් ජනතාව චෝදනා කරති.
ආසන වෙන්කිරීම විවෘත වී විනාඩි දෙකක් තුළ සියලුම ප්‍රවේශපත් වෙන්කර අවසන් වන බවත් ඒ අනුව ජනතාවට ආසන වෙන්කිරීමට අවස්ථාවක් නොමැති බවත් වැඩි චෝදනා එල්ල කරති.
කොළඹ සිට බදුල්ල දුම්රිය ආසන වෙන්කිරීමේදී මෙම තත්වය වඩාත් දැඩි වී ඇති බවත් උඩරට මාර්ගයේ ආසන වෙන්කරගැනීමේදී සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවත් ජනතාව පවසති.
අන්තර්ජාලය හරහා ආසන වෙන්කිරීම විවෘත කළ වාහාම එම පිරිස සම්පූර්ණ ප්‍රවේශපත් තොගය වෙන්කරන බව කියන ජනතාව ජනතාවට ඉන් පසුව ප්‍රවේශපත් වැඩි මිලට ගැනීමට සිදුවන බව ද එම අත්දැකීමට පත්වූ ජනතව පවසති.
රුපියල් 2,500 ක් වන එසේ වෙන්කරන්නා ප්‍රවේශපත් රුපියල් 5,00 සිට 10,000 දක්වා මුදලට පිරිසක් අළෙවි කරන බව ද ජනතාව පවසති.
මෙම තත්වය පිළිබඳව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ජනතාවගෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ද මේ පිළිබඳව පැමිණිලි ලැබෙන බවත් මෙම ආසන වෙන්කිරීම පිළිබඳව තීන්දුව දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමෙන් ගත් එකක් නොවන බවයි.
එම තීන්දුව ප්‍රවාහන අමාත්‍යංශය මට්ටමින් ගත් තීන්දුවක් වීම නිසා දුම්රිය නිලධාරීන්ට කළ හැකි දෙයක් නොමැති බවත් දෙපාර්තමේන්තුව මට්ටමින් මේ පිළිබඳව අමාත්‍යංශය දැනුවත් කර ඇති බවත් ඉදිපොළගේ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා. දුකයි අපේ ජනතාවගේ පරිගණක සාක්ෂරතාව ගැන. ඔ්කට එක එක මිනිස්සුන්ට සල්ලි දෙන්න අවශ්‍ය නැහැනේ. තමන්ටම කර ගන්න පුලුවනි.
දෙපාර්තමේන්තුවෙන් නොකළ දෙයක් නිසා නිලධාරීන්ට මොකුත් කරගන්ට බැරුව කෙකර ගගා ඉන්නවා...අමාත්‍යංශයෙන් කරලා තියෙන්නෙ ඉතාමත් හොඳ දෙයක්, එහෙම වුණත් මේ තක්කඩි නිලධාරීන්ට ටිකට් වංචාව - මාෆියාව පාලනය කරගන්න බැරි හැටි???
සරල පිළිතුරක් ඇත තොග වෙන්කරවා ගැනීම (පුද්ගලයෙකුට ප්‍රවේශපත්‍ර 5 කට වැඩි) පද්ධතිය තුළ ඉඩ නොතැබිය යුතු අතර වෙන්කරවා ගැනීම ජාතික හැඳුනුම්පත සමඟ සම්බන්ධ කර වහාම ගෙවීම කළ යුතුය. එකම පුද්ගලයා හෝ එකම බැංකු ගිණුම් ගෙවීමක් මගින් නිතිපතා දෛනික වෙන් කිරීම් වැනි අසාමාන්‍ය වෙන් කිරීම් අසාදු ලේඛනගත කළ යුතුය.
ඔන්න කරනවා නං මගීන්ට වැඩක්. වැඩි ගානට සතියක් දෙකක් ගන්නේ නැතිව හිටියා නං ප්‍රශ්නේ ඉවර වෙනවා. කාටවත් කන් කෙඳිරි ගාන්න ඕන නෑ
ඕක ඉතින් ඉස්සර ඉදලා තිබ්බ මාෆියාවනේ... මොකද අලුත් දේ? සංචාරකයින්ට විකුණන්න බලාගෙන මේ දේ කරන්නේ...
සරලවම වෙන්කරගන්නා පුද්ගලයා දුම්රිය ගමන අනිවාර්ය කරන්න.
මේ වගේ පොඩි දේවල්වත් අල්ලගන්න බැරිද ?එකෙක් දෙන්නෙක් ඇතුලට දාලා ප්‍රසිද්ධ කෙරුවානම් හරි
අනිවාර්ය විදේශ ගමන් බලපත්‍රය / හැඳුනුම්පත විස්තර කරන්න.
ලංකාවට අනිවාර්යයෙන් ඒ අයිඩෙන්ටිෆිකේෂන් සිස්ටම් එකක් ඕනේ. එතකොට ඔය පාස්පෝට් වලින් වගේ දේවල් වුණත් නවත්තන්න ඕනේ...
නමට පමණක් නිකුත්කරන්න. පසුව වෙනස්කළ නොහැකි පරිදි...!
සියලුම එකි එක් ටිකට් පතක්ම එහි යන මගියාගේ නම දමා ඊටම ආවේණික බාර්කෝඩ් එකක් දැම්මා නම් ටිකට් ගන්නේ යන කෙනා විතරයි. ස්ටේෂන් එකේදී අයිඩින්ටිය චෙක් කළ යුතුයි. ඩිජිටල් කළාට වැඩක් නෑ. ඒවා හරියට නොකළොත්...