IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


’’ඔන්මැක්ස්’’ මහ මොළකරු රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

රුපියල් කෝටි ගණනින් ජනතා මුදල් වංචා කළ "ඔන්මැක්ස් ඩි ටි" නීති විරෝධී පිරමීඩ මූල්‍ය සමාගමේ මහමොලකරුවකු ලෙස කටයුතු කර "ඔන්මැක්ස්" පරිගණක පද්ධතිය නිර්මාණය කළේ යැයි කියන පන්නිපිටියේ ගයාන් චාමර වික්‍රමතිලක සැකකරු මාර්තු හත දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන්නැයි  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (21) නියෝග කළාය.

ඩුබායි රජයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන  ලංකාවට රැගෙන ආ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රිමාන්ඩ් ගත කෙරිණි.

ඔන්මැක්ස් නඩුවේ 06වෙනි සැකකරු ලෙස අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ඇප ලැබීමෙන් පසුව ඩුබායි රාජ්‍යයට පැන ගොස් සිටි අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය මගින් රතු වරෙන්තුද නිකුත් කොට තිබිණ.

එම රතු වරෙන්තුව ප්‍රකාරව එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු රහස් පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් රැගෙන විත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම සැකකරු ඇප ලැබූ පසු දිනම රටින් පළා ගොස් සිටි අතර ඔහු සන්තකයේ ඔන් මැක්ස් පරිගණ පද්ධතියේ රහස් අංක ගණනාවක් තිබී ඇති අතර එම රහස් අංක මගින් විදේශයට පලා ගිය පසුව මුදල් බැහැර කිරීම සිදු කර ඇති බවද රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

 



අදහස් (0)

’’ඔන්මැක්ස්’’ මහ මොළකරු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site