(අංජුල මහික වීරරත්න)

කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවැසීය.

ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් ජනාධිපති ලේකම්වරයා මේ බව කීය.

කොළඹ SEMA ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රවනාගාරයේදී අද (28) පස්වරුවේ මෙය පැවැත්විණි.

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් ලෙස රාජ්‍ය සේවා ඩිජිටල්කරණය වේගවත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජනාධිපති ලේකම්වරයා කීය.