IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඔක්තෝම්බරයේ ජනපතිවරණය හෝ මහමැතිවරණය අනිවාර්යයි

(අංජුල මහික වීරරත්න)

මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත  අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලයකට පසුව ශ්‍රී ලංකාවෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton මහතා හමුවූ අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව කීය.

“මේ මැතිවරණ  වසරක්. මම මගේ අමාත්‍යාංශයේ නිලධාරීන් උපදෙස් දුන්නේ 2024 වසරට මාස දොළහක් නැහැ. මේ වසර අවසන් වන්නේ ඔක්තෝබර් මාසයෙන් ලෙස සළකා සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි"යනුවෙන්ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා නවසීලන්ත මහ කොමසාරිස්වරයා සමඟ පැවසීය.

 



අදහස් (9)

ඔක්තෝම්බරයේ ජනපතිවරණය හෝ මහමැතිවරණය අනිවාර්යයි

ජේ ආර් නානා Tuesday, 09 January 2024 09:38 AM

එහෙනම් මහත්තැන්නලා ගෙදර යන්න සූදානම් වෙලා ඉන්ටකෝ

:       8       22

අබිලින් Tuesday, 09 January 2024 09:39 AM

කිව්වත් නැතත් අනිවාර්යයෙන් ජනාධිපතිවරණය 2024 පැවැත්වීම කෙරෙන්නම ඕන එහෙම තියෙද්දි විවිධ මත පළකිරීම හරිනැහැ අපිට නම් මතකයේ තියෙනවා චන්ද්‍රිකා ජනාධිපතිවරණය කල්දැමීමට උත්සාහ කල අවස්ථාවේ ඕමල්පේ හාමුදුරුවෝ අධිකරණයට ගොස් කටයුතු කලා කියලා

:       0       26

Lalla Tuesday, 09 January 2024 09:42 AM

මෝඩ තකතීරුවෙක්. දියුණු රටවල ඇමතිවරයා වෙනස්වුනාට අමාත්‍යාංශයේ කටයුතුවල වෙනසක් මුදල්වර්ෂය තුල සිදුවෙන්නේ නෑ. මේකා තම නූගත්කම ලෝකයට පෙන්නුවා නේද?. හම්බන්තොට චින්තනය.

:       5       24

සුගතපාල නිළමේ Tuesday, 09 January 2024 12:12 PM

ඒක තමයි ලල්ලා ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙ .ලංකාවෙ එක එකාගෙ චින්තන අනුව හිතුනු හිතුනු ආකාරයට ඇමතිවරයා වෙනස්වුනාම වියදම් කල මුදලත් නාස්ති වෙනවා. වැඩෙත් කොට උඩ යනවා. උදාහරණයක් හැටියට වාසුගේ ආසනයේ ජල ව්‍යාපෘතිය පෙන්වා දෙන්න පුළුවන්. ඒ අතින් ප්‍රසන්න ඇමති මෑතකදී හොද තීරණයක් අරගෙන තිබුනා.ඒ අනුව අතරමග නවතා තියෙන රජයේ මුදල් අරගෙන ආරම්භ කල නිවාස වැඩ අවසන් කරන්න නියමයක් තිබුනා .තවමත් ආරම්භ කල බවක් පේන්නෙ නැහැ අපි බලමු

:       1       1

K. M. Jayasinghe Tuesday, 09 January 2024 09:57 AM

ඔබ කියන්න ඕන නෑ. මැතිවරණ කොමිසම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. උඹ ලට ඕනෑ විදියට නොවේ. රටේ ්‍ව්‍යවස්තාව අනුව මැතිවරණ පැවැත්විය යුතුයි.

:       1       6

Nimal Tuesday, 09 January 2024 10:18 AM

අදාට අපි ජනබලය කවරෙක්දැයි පහදා දෙන්නම්

:       1       5

සමන් Tuesday, 09 January 2024 10:56 AM

මේ අප්‍රසන්න මුහුණු ඔක්තෝම්බර් වලින් පසුව දකින්නට ලැබෙන්නේ නැති සතුටම ඇති. ම්මේ අවස්ථාවාදීන්ට නැවත චන්දයෙන් පත් වෙන්න නොලැබෙන බවනම් සක් සුදක් සේ පැහැදිලියි.

:       1       5

සුපුන් චාමර Tuesday, 09 January 2024 11:53 AM

ඔක්කොම දන්නවා නොවැම්බර් ඉදන් ඉන්න වෙන්නෙ හිරේ. නැත්නම් රට

:       1       6

ජනහඩTuesday, 09 January 2024 03:57 PM

හිටපු රාජකීය ජ්‍යෝතිෂවේදී එක් නාලිකාවක වැඩ සටහනක් අතරේ දැනට පාර්ලිමේන්තුවේ සිටින පොහොට්ටුව යටතේ තේරී පත්ව සිටින සියලු දෙනාම පරාජයට පත්වෙනවා කියලා අනාවැකියක් කිව්වා බලාගෙන ඉන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site