IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඒ.සී නැතුව සිංහල චිත්‍රපට අනතුරේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කැලණියේ පිහිටි සිංහල චිත්‍රපට සංරක්ෂණාගාරයේ වායු සමීකරණ යන්ත්‍රය අක්‍රීය වීම නිසා චිත්‍රපට පිටපත් විනාශ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇතැයි කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

අදාළ වායු සමීකරණ යන්ත්‍රය කඩිනමින් පිළිසකර නොකළහොත් චිත්‍රපට ටේප් පට වසරක් දෙකක් ඇතුලත විනාශ වන්නේ යැයිද ඒවා එකට ඇලී ප්‍රදර්ශනය කරන්නට නොහැකි තත්ත්වයකට පත්වන්නේ යැයිද කුමාරසිංහ මහත්මිය කීවාය.

චිත්‍රපට සංරක්ෂණාගාරය කියා නම ගසා තැනක් තිබුණාට ප්‍රමාණවත් නොවන බව කී රාජ්‍ය  අමාත්‍යවරිය එහි සිටින්නේ සේවකයන් හතර දෙනෙක් පමණක් බවද කීවාය.

ජන මාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.



අදහස් (1)

ඒ.සී නැතුව සිංහල චිත්‍රපට අනතුරේ

පැරකුම් Saturday, 09 December 2023 04:22 AM

නව තාක්ෂණය භාවිතා කර මේවා සංරක්ෂණය කලහැකි බව තේරුම් ගත නොහැකි ගැහැනුන්ට ඇමතිකම් දෙන පාලකයින්ට දඩුවම් දියයුතුය. අතිවිශාල ගබඩා නඩත්තුවට ජනතා බදු මුදල් වැයකිරීම වහාම අත්හිටුවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site