
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කෝප් කමිටුවට සහභාගී වන්නට නොදීම වැරදි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස -
මමත් මහජන මන්ත්‍රීවරයෙක්. මම විපක්ෂ නායක. මට පුළුවන්ද ලේකම්ලා අරගෙන කොප් කමිටුවලට යන්න. මට කෝප් එකේ කතා කරන්න බැහැ.
කෝප් කමිටු සභාපති වරයාගේ පුත්‍රයා එම කමිටුවට සහභාගී වී සිටි බවට කෙරුණු චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූයේ පිටස්තර කෙනකුට කෝප් කමිටුවේ වාඩි වෙන්න අයිතියක් නැති බවයි. නමුත් ඒ පුත්‍රයා එතුමාගේ ප්‍රවෘත්ති ලේකම් බව දැනුම් දී ඇතැයි ද කතානායකවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාගෙ ගෙදර ඉන්න බල්ලාටත් කොප් කමිටුවට එන්න පුලුවන්ද ? මේ යකා නන් දොඩවනවා මුගෙත් පවුලෙ සියල්ලටම කතානායක්ට ලබෙන තනතුරු දීලා තියෙන්නෙ ඉතින් අනිත් එවුන් ගැන කතා කරන්න බැහැ.
ඒ පුත්‍රයා හැර තවත් පුතුන් සිටීද?
පියාලා, පුතාලා එකතු වී වැඩේ දෙන්න තමයි හදන්නේ ක්‍රිකට් වලට...
කෝප් කමිටුවට කමිටුවේ ලේකම් ඉන්නවා... එහෙම තැනකට ප්‍රවෘත්ති ලේකම් ගෙන යන්නේ එහි වාර්තා ජනමාධ්‍ය වෙතට දෙන්නද? කන්න ඕන වුනාම කබරයත් තලගොයා වෙනවා කියන්නෙ ඕකට තමයි...
මෙවා කොහොම වුණත් සදාචාරයක් නොමැති උගත් කියන මිනිස්සුන්ගේ පහත්, බාල, නින්දිත ක්‍රියා...
මෙයා එක පක්ෂයක කතා නායකද ?නැතිනම් උත්තරීතරයයි කියාගන්නා තැන කතානායක්ද ?තවත් ප්‍රශ්නයක් තියෙන්නේ තව ටික දවසකින් ප්‍රවෘර්ති ලේකම්ට පාර්ලිමේන්තුවේ ගිහින් සභා ගැබ තුල වාඩි විය හැකිද ?
ඒතුමාට ප්‍රෙස් ඒකක් තියනවාද?
අයියේ කතානායක.. තමුන් ඕකේ වාඩි වෙලා නිකන් කාලේ නොකා පඹයෙක් ගෙනත් තියන්න.. නම්බුයි...!
කමිටුවේ සභාපතිගේ පුතා හෝ ප්‍රවෘත්ති ලේකම් විපක්ෂයේ නායක මෙන්ම ජනතා නියෝජිතයෙක්ට වඩා බලවතෙක් වුනේ කොහොමද කියලා අහන්න වෙනවා .මේ කබරගොයි හා තලගොයි න්‍යාය තමයි රටට කෙලෙව්වෙ කියන්න පුළුවන්
පුත්‍රයා, සභාපතිගේ ප්‍රවෘත්ති ලේකම් ඕවට කියන්නේ ඥාති සංග්‍රහය කියලා...