IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්

(මනෝප්‍රිය ගුණසේකර)

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතාට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් ඇතුළු වාහන තුනක් සහ අක්කර 05ක් විශාල ඉඩම් දෙකක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (18) නියම කළේය.

හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ගේ මාර්ගයෙන් අයථා ලෙස උපයා ගත් මුදල් වලින් මෙම වාහන සහ ඉඩම් මිලදී ගෙන් ඇද්ද? යන්න සම්බන්ධයෙන් විමර්ශන කරන බව දැනුම් දෙමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා මාස 03ක කාලයක් සඳහා වාහන තුන සහ ඉඩම් දෙක තහනම් කිරීමට නියම කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයථා මුදල් හා දේපල උපයා ගැනීමේ විමර්ශන අංශය කළ ඉල්ලීමක් පිළිගනිමින් ලබන දෙසැම්බර් මස 18 වැනිදා බලපැවැත්වෙන අන්දමට මෙලෙස තහනම් කරන ලද්දේ සී.බී.සි 7199 දරණ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ සුඛෝපභෝගි කාර් රථය, අංක එල්.එල්. 9725 දරණ ලොරි රථය ඇතුළු වාහන 03ක් සහ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ නුවරගම් කෝරළයේ පිහිටි අක්කර හතරකට වඩා විශාල ඉඩමක් සහ සමඟිපුර ගමේ රජයේ ඉඩමකට මායිම්ව පිහිටි අක්කරයකට වඩා විශාල ඉඩමකි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අයථා අන්දමින් මුදල් හා දේපල උපයා ගැනීමේ විමර්ශන අංශය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම නමැත්තා මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ගෙන් අයථා ලෙස මුදල් උපයා ගත් බවට ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කළ බව දැනුම් දුන්නේය.

එම විමර්ශනයේදී සැකකරු විසින් සුඛෝපභෝගී මොටර් රථ ඇතුළු වාහන තුනක්ද විශාල ඉඩම් දෙකක්ද මිලදී ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි දැනුම් දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම වත්කම් මිලදී ගෙන ඇති ආකාරය පිළිබඳ විමර්ශන කරන අතරතුර එම ඉඩම් සහ වාහන විකුණා දැමීමට හැකියාව ඇති හෙයින් එම වාහන සහ ඉඩම් අන්සතු කිරීම හෝ විකිණීම වළකාලමින් තහනම් නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා සිටියහ.

ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා ලබන දෙසැම්බර් 18 වැනිදා බලපැවැත්වෙන අන්දමට අදාළ වාහන සහ ඉඩම් තහනම් කිරීමට නියම කළේය.



අදහස් (8)

ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්

පිටිගල මිලානෝ Thursday, 19 September 2024 08:37 AM

ඒ එස් පී සංජීව දිවාකර…..

:       0       2

සෙනෙවිරත්න Thursday, 19 September 2024 08:57 AM

මෙහෙම හෙව්වොත් අපි දුප්පත් වෙච්ච හේතුව හොයාගන්න පුලුවන්

:       1       24

sam Thursday, 19 September 2024 10:10 AM

දෙසැම්බර් වෙනකොට මෙයා මේවා විකුනලා සල්ලිත් හංගයි .මේවා මේ දැන් ඉඳලම තහනම් කලයුතු දේවල් .

:       0       4

Kamal Thursday, 19 September 2024 11:40 AM

සංඡීව මහනාම සිදු කළ දුෂණ සගවා සිටි අනුරාධපුර පොලිසියේ CID සියඵ දෙනා පිළිබදවත් පරික්ෂණ කර තනතුරුවලින් පහල හෙලිය යුතුයි,

:       0       6

fairoos Thursday, 19 September 2024 11:40 AM

එතකොට උද්ධික ප්‍රේමරත්නට දඬුවම් නැද්ද ?

:       0       6

m. saman perera Thursday, 19 September 2024 11:43 AM

පොලිස් නිලධාරියකුගේ වත්කම ,හරිම ආතල් රටක් අප්පා

:       0       9

Achini Thursday, 19 September 2024 03:16 PM

මේවගේ තහනම් කාලා නම් අද රාජපක්ෂලාට යන එන මන් නෑ .ඔක්කොම තියෙන්නේ රටෙන් හොරා කාපු ධනය

:       0       4

don Thursday, 19 September 2024 03:22 PM

කොල්ලා හොරා වගේ හොරෙන්ම ගේම ගහලා

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 669 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site