
(ඉන්දික අරුණ කුමාර)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු මිල පහල බැස ඇතැත් මාතලේ දිස්ත්‍රික්කයේ සිල්ලර එළවළු වෙළදසැල්වල එළවළු මිල සීඝ්‍ර ලෙස වැඩිකර අලෙවි කරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.
පසුගිය සතියේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල පැවතියේ පහත පරිදිය.
ගෝවා 110.00- 120.00 අතර,බෝංචි 250.00 – 320.00 අතර,නෝකොල් 40.00 – 65.00 අතර,කැකිරි 40.00 – 65.00 අතර, වැටකොළු 100.00 – 120.00 අතර,කරවිල 200.00 – 300.00 අතර,වම්බොටු 80.00 – 130.00 අතර,අමු මිරිස් 300.00 – 350.00 අතර ආදි වශයෙනි.
සමස්ථයක් ලෙස ගත් කල එළවලු සියල්ලේ තොග මිල වෙනදාට වඩා සැලකිය යුතු අන්දමින් පත බැස ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නිකුත් කරන දෛනික මිල දර්ශනයේ සදහන් වෙයි.
එවැනි පසුබිමක මාතලේ දිස්ත්‍රික්කයේ සිල්ලර එළවළු වෙළදසැල් වල එළවළු කිලෝවක සිල්ලර මිල රුපියල් 300.00, 400.00, 500.00 වැනි මිල ගනන් යටතේ අලවි කරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.
ප්‍රවාහන හා සෙසු වියදම් එක්කල ද එවැනි අධික මිලගනන් යටතේ සිල්ලර වෙළදුන් එලවළු අලවි කිරිම යුක්තිසහගත නොවන බව පාරිභෝගිකයින් කියා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ඒවා වෙන්නෙ පිට පළාත් වලින් විනෝද ගමන් වන්දනා ගමන් අධ්‍යාපන චාරිකා වගේ ගමන් යන අය. එම ප්‍රදේශවලින් එළවළු මිලට ගන්නා නිසා තමයි ඒවා පාරිභෝගිකයන් වර්ජනය කරනවා නම් ඔහොම වෙන්නෙ නැහැ. ප්‍රවාහන ගාස්තු ගෙවා දුර බැහැර ගමේ කඩේට ගේන ඒවායේ මිල ඉක්මවා ගැනීම තමයි වරදක් වෙන්නේ.
ජනාධිපතිතුමනි ,කවුද කෘෂිකර්ම සහ වෙළඳ අමාත්‍යංශ බලන්නේ ?
කොළඹ සිල්ලර කඩ වලත් එහෙමයි. එළවලු ගොඩවල් ගසා තිබුනද, බොහෝ තැන්වල මිල සඳහන් වෙන්නේ නැහැ. එළවලු එකතු කර ගෙන මුදල් ගෙවන්න ගියහම කලින් මිලටම කිට්ටු මිලක් තමයි තියෙන්නේ. මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය වුවත් එය කෙරෙන්නේත් නැහැ. පාරිභෝගික අයිතියට මොකද වෙන්නේ? ජනපතිතුමනි, මේවා ගැනත් අදාළ නිලධාරීන්ට සිහි කැඳ වන්න. කරන්න බැරිනම් ගෙදර යවන්න