
(නිමල කොඩිතුවක්කු)
වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව කැරට්, බොංචි, ගෝවා ඇතුලු එළවලු මිල ගණන් තවදුරටත් ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවත් ඔව්හු පවසති.
සාමාන්‍ය වෙළෙඳපොළේ අද (27) දිනයේදී කැරට් රුපියල් 280 ක පමණ මිලකටත්, බොංචි රුපියල් 320 කටත්, ගෝවා රුපියල් 340 කටත්, තක්කාලි රුපියල් 200 කටත්, ලීක්ස් රුපියල් 300 කටත්, බණ්ඩක්කා රුපියල් 90 කටත්, වැටකොලු රුපියල් 240 කටත්, පතෝල රුපියල් 200 කටත්, වට්ටක්කා රුපියල් 60 කටත්, අමුමිරිස් රුපියල් 400 කටත්, දෙහි රුපියල් 600 කටත් ආදී ලෙස කිලෝවක් සිල්ලරට අලෙවි වී තිබිණ.
කොළඹ මැනිං වෙළදපොලේ බොංචි රුපියල් 200කටත්, කැරට් රුපියල් 150කටත්, ගෝවා රුපියල් 220කටත්, තක්කාලි රුපියල් 180 කටත්, වම්බටු රුපියල් 200 කටත්, වට්ටක්කා රුපියල 60 කටත්, අමුමිරිස් රුපියල් 150 කටත්, දෙහි 350 කටත් කිලෝව සිල්ලරට අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති.
මේ අතර වෙළඳපොලේ පොල් මිළ තවදුරටත් ඉහළ අගයක් ගෙන ඇතැයි පාරිභෝගිකයෝ සඳහන් කරති.
ඒ අනුව පොල් ගෙඩියක මිල රුපියල් 120ත් 150 ත් අතර අධික මිලක පවතින බවත් පාරිභෝගිකයෝ සඳහන් කරති.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එළවලු මිල පහළට
Suranga Saturday, 28 September 2024 06:42 AM
වට්ටක්කා නම් ලපටි ගෙඩි කඩාගෙන ආවොත් පාරිභෝගිකයන් ගන්නෙ නැහැ ඒවා කිසිම රසකුත් නැහැ .මේක වෙන්නෙ බොහෝවිට දැනට තිබෙන ලොකු වට්ටක්කා වර්ගයේ තමයි ඒ අතර සුපිරි වෙළඳ සැල්වලට ගෙනෙන වට්ටක්කා කිසිදාක පැහිල නැහැ ලා කහපාට ඒවා තමයි සාමාන්‍යයෙන් මදය තද කහපාට වට්ටක්කා තමයි රසවත් වෙන්නෙ