(ඉන්දිකා රාමනායක අමදෝරු අමරජිව)

මුතුර් ඉක්බාල් නගර්  කලපුව අසල ලදු කැලෑවක අතු කැපීමට ගිය පාසල් සිසුවකු අතුකපද්දී සිදු වූ පිපිරිමකින්  එම ස්ථානයේදිම  මියගිය බව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මුතුර්, තෝපුර්, ඉක්බාල් නගර් කොට්ඨාස  පදිංචි හාපිස් නලිම් (15) නැමැති පාසල් සිසුවෙකි.

තෝපුර් අල්- සිපා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා නිවසේ ඇති කරන එළුවන්ට කෑම සදහා කොල අතු කපද්දි මෙම පිපිරිම සිදුවි තිබේ.

පිපිරිම සිදු වු ස්ථානයේ  යුද හමුදා කදවුරක් තිබි ඇති අතර ගැටුම්වලින් පසුව එම කදවුර ඉවත් කර ඇතැයි මුලික පරික්ෂණවලින් පොලිසිය සොයාගෙන තිබේ.

මියගිය සිසුවා එම ස්ථානයේ ඇති  කුඩා ශාක වර්ග මුල්වලින් ගැලවිම සදහා පිහියෙන් කපද්දි මෙම පිපිරිම සිදුවි ඇති අතර පිහිය දෙකට කැඩි ගොස් තිබේ.