



(නිමල් ජයරත්න)
කන්දේගම ධනංජය රජමහා විහාරයේ සාගරමති පිරිවෙන් ශාලාව මෙතෙක් විවෘත නොකිරීමෙන් පිරිවෙනේ සාමණේර හිමිවරුන් 32නමක් එළිමහනේ පිරිවෙන් අධ්‍යාපනය ලබන බව විහාරාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය කන්දේගම දීපවංශාලංකාර නාහිමියෝ පවසති.
‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතිය මගින් රුපියල් කෝටියක වියදමින් මීට වසරකට පෙර පමණ ඉහතදී මෙම ශාලාව ඉදිකරන ලදී.
සාමණේර හිමිවරුන්ට එළිමහනේ ගස් යට, වැලිමලුවේ ඉගෙනුම ලැබීමට සිදුව ඇති බවත්, මේ හේතුවෙන් වැසි දිනවලදී පිරිවෙන පවත්වාගෙන යාමට නොහැකිව ඇති බවත් පවසන දීපවංශාලාකාර හිමියෝ එය ඉක්මණින් විවෘත කරදෙන්නැයි ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් මහින්ද රත්නායක මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ, පිරිවෙන් ශාලාවට අවැසි විදුලිය ලබාදී, සෙසු අඩුපාඩුද සම්පූර්ණ කර, ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හැකි ඉක්මණින් ශාලාව විවෘත කිරීමට කටයුතු කරන බවය.
2025 ඔක්තෝබර් මස 08
1870
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1507
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
එළිමහනේ අකුරු කරන සාමණේර හිමිවරු