
(ගයාන් සූරියආරච්චි)
රාජ්‍ය බුද්ධි තොරතුරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදුන් බව කියන කිලිනොච්චිය විශේෂ කාර්ය බළකා කදවුරේ පොලිස් කොස්තාපල්වරයෙක් ජංගම දුරකතන 6 ක් සහ සිම්පත් 7 ක් සමග අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශයට අනුයුක්තව කිලිනොච්චි විශේෂ කාර්ය බළකා කදවුරේ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකි.
රාජ්‍ය බුද්ධි තොරතුරු අවසරයකින් තොරව විශේෂ කාර්ය බළකාය කොස්තාපල්වරයකු විසින් බාහිර පාර්ශවවලට ලබාදෙන බවට කිලිනොච්චිය විශේෂ කාර්ය බළකාය කදවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කුමාර මහතාට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 2 කටවත් හිරේ දාන්න.. උප්පත්තියේ වැරැද්දක්....