IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


එස් අයි ගේ බැංකු ගිණුමෙන් මුදල් ඇද්ද එස් අයි මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි)

කිලිනොච්චිය, අරවියෙල් නගර් පොලිස් විශේෂ කාර්‍ය බළකා කඳවුරේ  උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සිම්පතක් සොරාගෙන බැංකු ගිණුමකින් සහ ණය කාඩ් පතකින් රු. 138,472 ක මුදල් ලබාගත් බව කියන එම කඳවුරේම ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

පැමිණිලිකරු සහ සැකකරු යන උප පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනාම එකම කඳවුරේ සේවය කරනු ලබන අතර පැමිණිලිකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ සිම්පත සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා විසින් සොරාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරුව සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයාවිසින් ඉකුත් ජූලි මස 31 වැනිදා සිට වරින් වර මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව සිදුකළ විමර්ශන වලින් පසු සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.

 

 



අදහස් (0)

එස් අයි ගේ බැංකු ගිණුමෙන් මුදල් ඇද්ද එස් අයි මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 536 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17256 9
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 698 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site