(උපුල් හේරත්)

මෑතක දී ඉතා ප්‍රසිද්ධියට පත් අග්බෝ නැමැති හස්තියා තිරප්පනේ උල ගල්ල වැව් ඉස්මත්තේ රැඳී සිටිය දී   ඒ අසලට පැමිණි පුද්ගලයකු හස්තියගේ සිරුරට ගොඩවීමට දැරූ උත්සාහයේ දී  හස්තියාගේ පහර දීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි  තිරප්පනේ පොලිසිය කියයි .

සිද්ධියෙන් තුවාල ලැබූයේ ,තිරප්පනේ පදිංචි  තිස්තුන්හැවිරිදි පුද්ගලයෙකි.

උල ගල්ල වැවිි ඉස්මත්තේ  අඩි හතරක් පමණ ගැඹුරට වන්නට දියේ සිටි අග්බෝ හස්තියා සමීපයට ගොස් ඇති මෙම පුද්ගලයා  හස්තියාගේ වල්ගයෙන් අල්ලගෙන සිරුරට ගොඩවීමට උත්සාහා දර ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

එම අවස්ථාව ඇසින් දූටුවෝ පවසනුයේ එම පුද්ලයා යම් සිහි මද ගතියකින් සිටිනු දු බවත් නැට්ටේ එල්ලී සිරුර මතට නැගීමට ගත් උත්සාහයේදී හස්තියා ඇඟ ගසා දැමීම හේතුවෙන් එම පුද්ගලයා බිට ඇදවැටුණු බවයි.

අනතුරු වනජීවී නිලධාරීන් පැමිණ ප්‍රදේශවාසීන් හා  එක්ව අලි වෙඩි දමා හස්තියා පන්නා දැමීමෙන් පසු තුවාලකරු බේරා ගෙන ඇති අතර  ඔහුගේ බෙල්ලට හා සිරුරේ එක් පැත්තකට වන්නට සීරුම් තුවාල සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය .