
(ඩයනා උදයංගනී)
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2022 උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (28) පැවැති අතර, එහිදී හොඳම ස්වතන්ත්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය බන්ධනාගාරගතව සිටින සැකකරුවකු විසින් හිමිකරගැනීම විශේෂත්වයක් විය.
මෙම සම්මානය සිවලිංගම් ආරූලන් මහතා රචනා කළ ‘ආදුරු සාලෙයි’ කෘතියට හිමි වූ අතර, ඔහු කොළඹ පිත්තල හන්දියේ දී 2006 වසරේ එවක ආරක්‍ෂක ලේකම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරුවකු ලෙස මැගසීන් බන්ධනාගාරයේ රඳවා සිටී.
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියකු වන ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාද් උපාධිය හදාරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු මැගසීන් බන්ධනාගාරයේ සිටිමින් දෙමළ භාෂා කෘතීන් 7ක් සහ ඉංග්‍රීසි භාෂා කෘතියක් රචනා කර ඇති අතර, එම කෘතීන් අටම සියල්ල රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ වී ඇත.
2016 දීද හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගෙන ඇත්තේ ඔහු විසිනි.
සම්මාන උළෙල සඳහා මැගසීන් බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මධ්‍යයේ ඔහු රැගෙන එනු ලැබ තිබූ අතර, ඔහු බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතින් සම්මානය ලබාගත්තේය.
ඔහුගේ දෙමාපියන් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔහුගේ පියාද ගුවන් යානා ඉංජිනේරුවරයෙකි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Blessings and congratulations to you සිවලිංගම් ආරූලන්.
ඔය වගේ තව ගොඩක් දෙමළ සහ මුස්ලිම් අය රටපුරා ඇත. නමුත් රජය ඔවුන් හංගලා තියාගෙන. ඔවුන්ගේ හැකියාව පොදුජනයාට පෙන්වන්නේ නැත. අඩු ජාතින් වුණත් දෙමළ සහ මුස්ලිම් අයගේ ඇති ඔය විශේෂත්වය මහජාතියට නැත. ගෝඨාභය එදා මළා නම් අද රටට මෙච්චර හානියක් සිද්දවෙන්නේ නැත.
2006 දි අත්අඩංගුවට අරගෙන තවම මෙතුමා හිරේ,නඩු නැතිව සැකකාරයෙක් විදිහට.මේව මහ පාපයක්.තව කොපමණ ඉන්නවද මේවගෙයි.?
Release him. He is and asset to society. Let me expand his talents and make a positive contrib to society.
යුද්දේ ඉවර වෙලත් අවුරුදු 13 කට වැඩියි. තාම මේ මිනිස්සු සැකකරුවෝ. මේ මොන නින්දාවක්ද? වැරැද්දක් කළානම් නඩු දාලා අච්චු කරන්න. ඒත් ඔච්චර කල් සැකකරුවෝ විදියට හිරකරන් ඉන්න එක කොච්චර පහත් වැඩක්ද? මේ ලංකාවේ ඕනම කෙනෙකුට අදාලයි. දහස් ගාණක් මිනිස්සු සැකකරුවො විදියට අවුරුදු දහය පහළොව විස්ස නිකම් හිරගෙවල්වල ඉන්නව. වැරදිකරුවෛක් නෙවයිනම් ඒක කොච්චර පහත් වැඩක්ද? නඩු කටයුතු ඉක්මන් කරලා ඇත්තටම වැරදිකරුනම් නියම විදියට දඬුවම් නියම කරන්න. ඒ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ නැතුව.
දුකයි, ඔහු තවම බන්ඩනාගාර ගතව සිටිම.
පිත්තල හන්දියෙ අර බූරුවා කලේ රඟපෑමක් නේද? එකේ සැකකාරයෙක් විදියටද මේ වටිනා මිනිසා නඩුවක් නැතුව සැක කාරයෙක් විදියට අවුරුදු ගනනක් මේ වටිනා මිනිසා රඳවාගෙන ඉන්නේ? මේකද මේ රටේ නීතිය?
His masterpiece for the litterateur highly appreciated by as a Sri Lankan citizen .
පිත්තල හන්දියේදි හරියට වැඩේ නොකලටනම් මෙයාට දඬුවම් දෙන්නම ඕන.
සංවිධානය විසින් හඳුනා නොගත් ඔවුන්ගේ දක්ෂතා යුද්ධය අවසාන වීම නිසා දැන් මේ ආකාරයෙන් හෝ එළි දැක්වීමට අවස්ථාව උදා වී තිබේ. අතීතය පිළිබඳ කිසිම දැනුමක් නැති පිරිස් විසින් දමන අදහස් දැක්වීම් පිළිබද කණගාටුවක් දැනේ. කෙසේ වෙතත් වරදේ ස්වභාවය හා හැකියාව සොයා බලා ඔහුට කඩිනමින් නීතිය ඉටුකර දීම රජයේ අවදානය යොමුකළ යුතුයි. ඔබට සුබපැතුම් මහත්මයා තවදුරටත් උපන් දේශයට වැඩ කිරීමට ඔබට ශක්තිය ලැබේවා..!
සැකකරුවකු ලෙස මෙපමණ කාලයක් බන්ධනාගාර ගතව සිටියේ ඇයි දැයි සැකයක්... එහෙමනම් අද රට පත් වෙලා තියෙන තත්වෙට වඩා හාත්පසින්ම වෙනස් වෙන්නට ඉඩ තිබුණා.
පිත්තල හන්දියේදී හරියට වැඩේ කළානම් මෙතැන කමෙන්ට් දාපු ගොඩක් අය මේ වෙනකොට ඉතුරු නොවෙන්නත් තිබුණ...
මෙවැනි උගත් මිනිස්සු එල්.ටී.ටී.ඊ සැකකරුවෝ කියලා අවුරුදු ගණන් හිරේ දාගෙන ඉන්නවා. මොන අපරාධයක්ද? ඊට වැඩිය මිනිමරුවන්, දූෂිත දේශපාලුවන් කොතරම් එළියේ ඉන්නවද? කරුණා අම්මාන්ට හොර පාස් පෝට් එකක්, හදලා දීලා UK එව්වා.. මිනිමරු කොටි රෙද්ද අස්සේ දාගෙන ඔවුන් සතු වටිනා කියන සියලුම දේවල් මංකොල්ල කාපු දූෂිත පාලකයින් ගැන වගක්වත් නැහැ...
චන්ද්‍රිකාට බෝම්බ ගහපු සිද්ධියේ සැකකරුවොත් නිදහස් කළා නම් මේ කොල්ලව එළියට දාන්නේ නැත්තේ ඇයි?