
ඉරානය විසින් බිම හෙළන ලද ඇමරිකානු එෆ් 15 ප්‍රහාරක යානයේ සිටි නියමුවා බේරා ගැනීමට ඇමෙරිකන් හමුදාව සමත් විය. ඒ ත්‍රාසජනක දිවි ගලවා ගැනීමේ මෙහෙයුමකින් පසුවය.
මේ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය හරහා තහවුරු කළේය. අපි එයාව බේරා ගත්තා යනුවෙන් ට්‍රම්ප්ගේ පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
නියමුවා බේරා ගැනීම සිදුවූයේ දින දෙකකට පසුවය. ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය පණිවුඩයට අනුව, කර්නල් නිලයේ පසුවන එම නියමුවා මේ වන විට ආරක්ෂිතව පසුවන අතර, ඔහුට යම් තුවාල සිදුවී ඇතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව තහවුරු කර තිබේ.
ඉකුත් සිකුරාදා දිනයේ ප්‍රහාරය එල්ල වෙද්දී එෆ් 15 යානයේ ප්‍රධාන නියමුවා සහ සහාය නියමුවා පැරෂූට් ආධාරයෙන් එළියට පැනගත් අතර, ඔවුන් සොයා ඇමෙරිකන් හමුදාවත් ඉරාන විප්ලවීය හමුදාවත් කාලය සමඟ තරග කරමින් පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ බව අසන්න ලැබුණි.
ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ දෙදෙනාගෙන් එක් අයකු බේරා ගැනීමට හැකිවුණු බවය. අනෙක් නියමුවා අල්ලා ගැනීමට සහයෝගය ලබාදෙන්නැයි ඉරාන රජය එරට ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
එම නියමුවා අල්ලා ගැනීමට උදවු කරන ඕනෑම අයකුට ඇමෙරිකානු ඩොලර් 66,100 ක ත්‍යාගයක් ලබා දෙන බව ඉරාන රජය නිවේදනය කර තිබුණි.
ඉරාන ප්‍රහාරයෙන් කඩා වැටුණු එෆ් 15 යානයේ සිට අතුරුදන්වූ ගුවන් නියමුවා ඉරානය විසින් අල්ලා ගනු ලැබුවහොත්, ඔහු ප්රාණඇපකරුවකු ලෙස ඉරානයට වාසිදායක වීමට ඉඩ තිබුණැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස විය.
ඉරාන ඉස්ලාමීය රජය, එම නියමු සෙබළා ඔවුන්ගේ ග්‍රහණයේ පසුවන බව පෙන්වමින් ඡායාරූප හෝ වීඩියෝ දසුන් හෝ ප්‍රසිද්ධ කළොත්, ඇමෙරිකන් ජනතාව නොසන්සුන් වීමට ඉඩ තිබුණු බව ද පැවැසිණි.
මේ වනවිටත් ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකන් වැසියන් තුළ ට්‍රම්ප් ගැන කලකිරීමක් ඇත. මැදපෙරදිග ගැටුම ඇමෙරිකාවේ ද භාණ්ඩවල මිල ඉහළ දැමීමට හේතුවක් වී අවසන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd