
(මනෝප්රිය ගුණසේකර)
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී මූල්‍ය අක්රමිකතාවයන් කර මුදල් විශුද්ධිකරණය කරන ලදැයි කියන සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියම කළේය.
රුපියල් ලක්ෂ 05ක මුදල් සහ රුපියල් මිලියන 100 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ බැඳුම්කර මත සැකකරු මුදාහළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුට විදේශ ගමන් තහනමක්ද පැණවීය.
එකම සිද්ධියකට අදාළව අධිකරණ දෙකක නඩු පවරා ඇති තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ඉල්ලා සිටි අවස්ථාවේදී එයාර්බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවේ රිමාන්ඩ් බාරයට පත් කර සිටින සැකකරුට මෙම නඩුවට අදාළව සුදුසු නියෝගයක් දෙන්නැයි පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ දැනුම් දීමක් සැළකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කළේය.
පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින සැකකාර නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්ාතාවක් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.
පැමිණීල්ල වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් සමඟ නීතීපතිවරයා නියෝජනය කරමින් පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බද සහිත ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ විමර්ශන කරන බවත් එම සිද්ධියට අදාළවම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන පවත්වන බවත් දැනුම් දුන්නේය.
පැමිණීල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් කළ බවට පැමිණීල්ලක් ලැබුණුහොත් ඇප අවලංගු කර සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන බව දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරයා පැමිණීල්ල සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ ස්ථාවරය නඩුව යළි කැඳවන ලබන 14 වැනිදා දැනුම් දෙන ලෙස නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd