
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින්, ඇමරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යන ගල්ෆ් කලාපීය රටවලට ඉරානය විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරන පසුබිමක, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් පළමු වරට සිය නිල ප්‍රතිචාරය දක්වා තිබේ.
ඒ, අබුඩාබි රූපවාහිනිය ඔස්සේ ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් අදහස් දක්වමින් අවධාරණය කළේ තම රට ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවය.
ප්‍රහාරවලින් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීම සඳහා රෝහලකට ගිය අවස්ථාවේදී මෙම අදහස් දැක්වූ ජනාධිපතිවරයා, 'එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතුරු ඉලක්ගොකවලට පහසු ගොදුරක් නොවෙයි" යනුවෙන් ද පැවැසීය.
මීට අමතරව සමාජ මාධ්‍ය සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ගුවන්තොටුපළ, සංචාරක ආකර්ෂණ ස්ථාන සහ ඩුබායි හි පිහිටි ඇමරිකානු කොන්සල් කාර්යාලය වැනි වැදගත් ස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වන තර්ජන පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවන බවය.
රටවැසියන්ගේ ආරක්ෂාව සහ රටේ ස්ථාවරත්වය වෙනුවෙන් එල්ල වන ඕනෑම බලපෑමකට එරෙහිව නැගී සිටීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සන්නද්ධව සිටින බව ද ඔහු එහිදී අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd