IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එමිරේට්ස් මගීන්ට නොමිලේ Expo ප්‍රදර්ශනය නරඹන්න අවස්ථාවක්

කළාපයේ දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනයක් වන 2020 ඩුබායි Expo වෙළෙඳ ප්‍රදර්ශනයේ ප්‍රමුඛතම පාර්ශ්වකරුවා සහ නිල ගුවන් සමාගම ලෙස එමිරේට්ස් මෙම ප්‍රදර්ශනය නැරඹීමට සමාගමේ ගුවන් මගීන්ට සුවිශේෂී ප්‍රතිලාභයක් ඉදිරිපත් කර තිබේ.

මේ අනුව, මෙම වැඩසටහන පැවැත්වෙන 2021 ඔක්තෝම්බර් 01 වැනිදා සිට 2022 මාර්තු 31 ක දක්වා කාල සීමාව තුළදී ඕනෑම අවස්ථාවක ඩුබායි වෙත පැමිණෙන සහ ඩුබායි හරහා ගමන් කරන එමිරේට්ස් මගීන්ට ඔවුන්ගේ සියලුම ගුවන් ටිකට්පත් වලට නොමිලේ Emirates Expo Day Pass එකක් ලබාදීමට ගුවන් සමාගම කටයුතු කර ඇතැයි එම සමාගම සඳහන් කරයි.

එමිරේට්ස් සඳහන් කරන්නේ 2021 ඔක්තෝම්බර් 01 වැනිදා සිට 2022 මාර්තු 31 වැනිදා දක්වා ඩුබායි වෙත හෝ ඩුබායි හරහා ගමන් කරන සියලුම එමිරේට්ස් ගුවන් මගීන්ගේ ටිකට් පත් සඳහා මෙම විශේෂ දීමනාව ලබාදෙන බවයි. මීට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත සිට පැමිණෙන එක් දිශාවකට පමණක් ගමන් කරන ගුවන් මගීන් ඩුබායි වෙත පැමිණීමේදී හෝ ඩුබායි හි අවම රැඳී සිටීමේ කාලය සම්පූර්ණ කරමින් වෙනත් ගමනාන්ත වෙත ගමන් කිරීමේදී ත්‍යාගයක් ලෙස Expo Day Pass එකක් ප්‍රදානය කිරීමටද එමිරේට්ස් කටයුතු කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කර තිබෙන අතර ජාලය තේමාවෙන් යුක්ත මණ්ඩපයක් මෙම ප්‍රදර්ශන 'Opportunity' දිස්ත්‍රික්කයේ පිහිටුවා තිබේ. මේ තුළින් ශ්‍රී ලංකාවේ බොහෝ අංශවල තිබෙන යහපිළිවෙත් ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත. තේ දල්ලේ සිට කෝප්පය දක්වා තේ නිෂ්පාදනය කිරීමේ ‘තේ අත්දැකීම’, සංස්කෘතිය සහ උරුමය පදනම් කරගත් සංචාරක ආකර්ශනය දිනාගත් මාතෘකා මෙන්ම සුරක්ෂිත පරිසර පද්ධතීන්, අධ්‍යාත්මික ශක්තීන් ඇතුළු මෙරට බොහෝ වටිනා දේ මෙහි ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබේ.



අදහස් (0)

එමිරේට්ස් මගීන්ට නොමිලේ Expo ප්‍රදර්ශනය නරඹන්න අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site