(ටී.කේ.ජී.කපිල )

රුපියල් විසි හය ලක්ෂ හය දහසක් වටිනා එනසාල් , සුවද විළවුන් , ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු සමග අද (25 ) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු කදාන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක වන අතර අනෙකා කොළඹ , නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංච් 47 හැවිරිදි පිරිමි පුද්ගයෙකි .

ඔවුන් දෙදෙනා 25 දින උදෑසන ඩුබායි සහ ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ , මෙම භාණ්ඩ තොගය , ආනයන බලපත්‍ර , ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් තිබුණි .