
(යොහාන් භාසුර)
කෝවිඩ් මර්දන රාජකාරිවලයෙදී සිටි බෙලිඅත්ත සිටිනාමළුව දකුණ ග්‍රාම නිලධාරී වසමේ සංවර්ධන නිලධාරියාගේ සහ ග්‍රාම නිලධාරිනියගේ රාජකාරියට බාධා කළේ යැයි කියන බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හෙලන් පුෂ්පකුමාර මහතා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සේවා සංගමය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා සිදු වූ මෙම සිද්ධිය තම සංගමය හෙළාදකින බවත් ආණ්ඩුව නියෝජනය කරන බෙලිඅත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රාජකාරියට බාධා කිරීම හා තර්ජනය කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් බෙලිඅත්ත පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති බවත් සංවර්ධන නිලධාරීන්ගේ සේවා සංගමය පවසයි.
අදාළ නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන්ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වහාම අත්අඩංගූවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අංශවෙත උපදෙස් ලබා දෙන ලෙසද එම සංගමය ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd