
(ටී.කේ.ජී.කපිල)
විදේශීය පරවියන් 64 දෙනකු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ රාත්‍රී අත් අඩංගුවට ගනු ලැබූහ.
මොවුන් වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන , සුරතල් සතුන් අලෙවි කිරීමේ වෙළදසල් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයන් දෙදෙනෙකි .
ඔවුන් මෙම සතුන් ඉතාලියෙන් මිළදී ගෙන , ඩුබායි වෙත පැමිණ , එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධාන සහ සත්ව නීරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් මෙම පරවියන් මෙරටට රැගෙන විත් තිබුණි .
මෙම පරවියන් කුඩා යකඩ කූඩු තුළ බහා , ඒවා තමන් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ සගවා ගෙන තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd