(කේ බුද්ධික කුමාරසිරි)

බලපත‍්‍රයක් නොමැති වායු පිස්තෝලයක් සිය ඉනෙහි සගවාගෙන පාදුක්ක නගරයේ වෙළඳසැල් වෙත ගමන් කරමින් සිටි පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි

සුදු පැහැති මෝටර් රථයකින් පැමිනි හැඩිදැඩි පුද්ගලයකු ඉනෙහි ගිනිඅවියක් ද තබාගෙන පාදුක්ක නගරයේ සැරිසරන බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පාදුක්ක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් ගොස් අදාල පුද්ගලයා පරීක්ෂා කිරීමේදී සැකකරුගේ ඉනෙහි තිබූ වායු පිස්තෝලය හමු වූ බවද පොලිසිය පවසයි

අදාල සැකකරු නිවසීලන්තයේ සිට මාස දෙකකට පෙර දී මෙරටට පැමිණ ඇති බවත් එම රටේදී මිලදී ගත් වායු පිස්තෝලය මෙරටට රැගෙන ආ බව පොලිසියට කියා ඇත.

වායු පිස්තෝලයක් ලග තබා ගැනිම නවසීලන්තයේ වරදක් නොවන එය රැගෙන පාදුක්ක නගරයේ භාණ්ඩ මිලදී ගැනීම සදහා පැමිණ බවත් සැකකරුගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී සැකකරු පොලිසියට කියා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පාදුක්ක මීපේ ප‍්‍රදේහයේ පදිංචි කරුවකු වන අතර සැකකරුගේ බිරිය නීතිඥවරියක බවද පොලිසිය පවසයි