(යොහාන් භාසුර)
කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යළි මෙරටට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීමට ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් දීමට රජය තීරණය කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.
විදේශයන්හි කෘෂී කාර්මික ක්ෂේත්‍රයට අදාල රැකියාවල නිරතවූවන් ලබාගත් දැනුම මෙරට ආර්ථිකය සෘජුවම දායකකරගැනීමට මෙම ඉඩම් ලබාදීම තීරණය කර ඇති බව කී අමාත්‍යවරයා මෙම වැඩසහන මෙරට කෘෂි කාර්මික ක්ෂේත්‍රය තුළ පිබිදීමක් මෙන්ම කෘෂි ක්ෂේත්‍රය අදාල නව ව්‍යවසාකයින් බිහිකිරීමට අවස්ථාවක් බවත් අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් තවත් වරක් මත්තල වී ගබඩා කල හැක, මොකද, පිනානේ ඉන්නේ ජනපති පුටුවෙ. ආදරෙයි මේ අපතයන්ට අහස තරම්.....
එතකොට වෙනත් රස්සා කරන අයට. දැන් අවුරුදු ගණන් විදෙස් සේවයේ ඉදල රටට විදේශ විනිමය ගෙනාව සෙනග ගැන බලන්නේ නැත්ද. හැම චන්දෙදිම රවට්ටුව විශ්‍රාම වැටුප් දෙනවා කියලා. අඩුගානේ බැංකු නයක්වත් දෙන්නේ නැහැ අපිට. හැමදාම බොරුවෙන් රවට්ටනවා විතරයි
රට විකුණා ගෙන කන්න හදන එවුන් කොහෙන්ද දන්නේ නැහැ... ඉඩම් දෙන්න හිතාගෙන ඉන්නේ...? ජනතාව අන්දවන්න හිතුවා මදි...
කෘෂි රැකියාවක නිරත අයට විතරද කෘෂිකර්මය කරන්න පුළුවන් .අම්මගේ නීතියක් තමයි අනික් උන්ට හුලන්
දැන් කොළඹ අවට ඉන්න එකාට අනුරාධපුරෙන් ඉඩම දෙයි. එතකොට වගා කරලා හමාරයි. එහෙම නැත්නම් මුන්ගේ හෙන්චියන්ට මොකක් හරි යටිකූට්ටු මාර්ගයකින් දෙයි. අපතයින් 226 තමා අපට ඉන්නෙ....
නොදකින්.. මෙහෙමත් අය...!