(පාලිත ආරියවංශ)
එඩින්බරෝ විශ්ව විද්‍යාලය විසින් සිදුකරන ලද පරීක්ෂණ වලින් පසු වසර 300 ක් පමණ පැරණි ආදිවාසි මානවයන්ගේ හිස්කබල් හතක් සහ ශරීර දෙකකට අයත් අස්ථි කොටස් ආරක්ෂාකාරීව තැන්පත් කිරීම සඳහා දඹාන ආදිවාසී කෞතුකාගාරය නවීකරණය කළයුතු බව ආදි වාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පැවසීය.
මේ පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමට ද බලාපොරොත්තුවන බව ආදි වාසි නායකයා සඳහන් කළේය.
මෙම හිස්කබල හා අස්ථි කොටස් මහජන ප්‍රදර්ශනයට තැබීමට අවශ්‍ය ආරක්ෂිත ස්ථානයක් සහ ආදිවාසි කෞතුකාගරය වැඩිදියුණු කිරීමේ වගකීම රජයට ඇතැයිද ආදිවාසි නායකයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආදිවාසී නායකයා මෙසේද පැවසීය.
‘‘යටත් විජිත සමයේ මල්ලක දාගෙන ගගෙන් එගොඩ වෙලා මේවා ගෙනිච්චාද දන්නේ නැහැ. නමුත් ආපසු අපිට භාර දෙනකොට ඩෙන්මාර්ක් රටට මාව ගෙන්වලා ඉතා ගෞරවාන්විතව භාරදුන්නා.
ඒ නිසා මේ වගේ වටිනා සංස්කෘතික උරුමයක් මල්ලක දාලා දුම්මැස්සක තියන්න බැහැ.
තවත් හිස්කබල් සහ අස්ථි කොටස් 14000 ක් ඇති බවත් ඒ වාද ඉදිරියේ දී භාරදීමට කටයුතු කරන බවත් ඔවුන් පැවසුවා.
ජාත්‍යන්තර පරීක්ෂකයන්ට දැන් අපේ රටට ඇවිත් වසර සිය ගණනක් පැරණි ආදිවාසින් පිළිබඳව පරීක්ෂණ කරන්න පුළුවන්.
අපේ විද්‍යාඥයන්ටත් ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයට නොගොස් දඹානට ඇවිත් මේ පරීක්ෂණ කරන්න පුළුවන්‘‘ යැයිද ආදිවාසි නායකයා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම අස්ථී කොටස් සුදුසු ස්ථානයකට ගෙනවිත් ආගමික වතාවත් පවත්වා ආදාහනය හොඳ නැද්ද.
ඔක්කොම හිස්කබල් කසි කබල් ටික එවලා. ඒ වුනාට වටිනා මුතු මැණික් පුස්කොලපොත් අපෙන් සල්ලි දීලයි අරන් ගියේ කියලා ඒවායේ වගක් නැහැ.
මෙතන සිද්ධ වෙන්නේ සහ සිද්ධ වුනේ මොනවද කියලා ගැඹුරින් සොයා බැලීම කළ යුතුයි. අනෙක ආදීවාසීන්ගේ කෞතුකාගාරය ඉතා හොදින් වැඩි දියුණු කර නඩත්තු කළ යුතු වෙනවා.
අනේ වන්නිල ඇත්තෝ, මම හිතන විදිහට ඔබතුමන්ලාගේ ඇදහීම් වලට අනුකුලව පුද පූජා සත්කාර පවත්වලා ගරු බුහුමන් ඇතිව භූමිදානය කිරීම වටිනවා කියලා මට හිතෙන්නේ. මෙය කිරීමට පෙර විද්‍යඥයින්ට අවශ්‍යනම් අධ්‍යනයක් කිරීමට අවශතාවය සලසන මෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලමි. ඔබතුමා වැනි යුග පුරුෂයන් සිරි ලකට පහළ වන්නේ ඉතාම කලාතුරකින්.
ඕක වල දාන තැනක් එයාලට හොයා ගන්න බැරිවෙන්න ඇති, ඒක නිසා ආපහු දෙන්න ඇති නැත්නම් අපෙන් අරන් ගිහිපු මිල කල නොහැකි අමිල පුරාවස්තු කොච්චර තියෙනවද ඔය ලොකු ලොකු රටවල් වල, ඒවත් දෙන්නකෝ අපට.
මෙතුමාට රජය උදව් කල යුතුයි. ආදිවාසින් රැකගත යුතුයි.
එතකොට ... මේ ආදිවාසීන්ගේ අස්ථි සහ හිස් කබල් කියන්නේ නොවටින දේවල්ද? මැදමුලනේ වගේ නෙමෙයි එහෙමද ? එහෙම නම් මැද මුලනේ එව්වා සුද්දා අරන් ගියේ නැත්තේ මොකෝ දන්නේ නැහැ. අපේ කෞතුක භාණ්ඩ, මිල කළ නොහැකි පුස්කොල පොත් එහෙම ආපහු දෙන්නේ නැද්ද ? ඒවා ඉල්ලන්නවත් සංස්කෘතික ඇමතිකෙනෙක් නැද්ද ?
මෙම අස්ථි කොටස් අපේ ආදී විරුවන්ගේ. ඔවුන් නොබිය සටන් කළ නිසා ඔවුන් එතරම් එඩිතර වීම පිළිබදව පරීක්ෂණ කීරීමට මේවා ගෙනියන්න ඇති. ඒ නිසා අනාගත පරම්පරා වලට දැක ගැනීමට සුරක්ෂිතව තැබීම රජයේ වගකිමයි.
ආදීවාසීන්ගේ කෞතුකාගාරය මෙයට කදිම විසදුමක් ගෙනදේවි. එය වැඩි දියුණුකර එතුමාගේ අභිලාශය පරිදිම පරීක්ෂණ කටයුතු කරන්න ලංකාවේදීම පුළුවන් වේවි.
ඇත්තටම අපේ ද? රැගෙන ගිය විදිය මොකක්ද.?